පුවත්

2024 යල කන්නයේ වන්දි ගෙවීම්වලින් 90%ක් අවසන්

Published

on

2024 යල කන්නයේ වන්දි ගෙවීම්වලින් 90%ක් මේ වනවිට නිදහස් කර අවසන් බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

එහි සභාපති පේමසිරි ජාසිං ආරච්චි මහතා පෙන්වා දෙන්නේ ඒ අනුව නිර්දේශිත වූ ගොවීන්ට හිමි වන්දි මුදල් ඔවුන්ගේ ගිණුම්වලට බැර කිරීමට පියවර ගෙන ඇති බවය.

ඒ යටතේ මේ වනවිට ගොවීන් 6,459 දෙනෙකු සඳහා අක්කර 5,246ක් වෙනුවෙන් රුපියල් මිලියන 100ක මුදලක් නිදහස් කර ඇති අතර වගා හානි නිර්දේශිත වීමෙන් පසු වන්දි මුදල් ගිණුම් ගත නොවූ ගොවීන් වේ නම් ඒ පිළිබඳව අභියාචනා කිරීමට ඔවුන්ට අවකාශ පවතී.

ගෙවා අවසන් නොකළ දිස්ත්‍රික්වල වන්දි මුදල කඩිනමින් නිදහස් කිරීමට කටයුතු කෙරෙමින් ඇති බවත් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිං ආරච්චි මහතා සඳහන් කරයි.

Trending

Exit mobile version