2030 වන විට සියලු පාසැල් සිසු සිසුවියන්ට පාසල් ආහාර වේලක් ලබාදීමට රජය සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
ඔහු මේ බව පවසා ඇත්තේ මුලතිව් ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.
අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ පාසල් ආහාර වැඩසටහන ශක්තිමත් කිරීම සඳහා ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) සහ ප්‍රංශ රජයේ සහය ලබා ගන්නා බවයි.
මෙරට සිටින මිලියන 4.2ක ශිෂ්‍ය ජනගහනයෙන් සිසුසිසුවියන් ලක්ෂ 11කට දහවල් ආහාර වේලක් මේ වන විට ලබා දෙන බව අමාත්‍යවරයා මෙහිදී පවසා ඇත.
(මූලාශ්‍රය : සන්ඩේ ටයිම්ස්)