පුවත්

ASEAN තානාපති ලෙස ජයන්ත කොළඹගේ මහතා අක්තපත්‍ර භාර දෙයි

Published

on

අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයට (ASEAN) ශ්‍රී ලංකාවේ තානාපති ලෙස පත් කර ඇති අද්මිරාල් (මහාචාර්ය) ජයනාත් කොළඹගේ මහතා එහි මහලේකම් වන ආචාර්ය Kao Kim Hourn මහතා වෙත පසුගිය 26දා සිය අක්තපත්‍ර ප්‍රදානය කර තිබේ.

ආර්ථික අභියෝග ජය ගැනීමට ශ්‍රී ලංකාව ගන්නා උත්සාහය අගය කළ ASEAN මහලේකම්වරයා, සියලු රටවල් සමඟ මිත්‍රශීලී සබඳතාවයක නිරත වෙමින්, ලංකාව ආසියාන් කලාපීය සංසදයේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බවද අවධාරණය කළේය.

Trending

Exit mobile version