Connect with us

පුවත්

මහ මුහුදේ දී බේරා ගත් ලාංකිකයන් ගෙන්වාගැනීමට පියවර

Published

on

වියට්නාම – සිංගප්පූරු මුහුදු සීමාවේ පිහිටි ස්ප්‍රැට්ලි දූපත් වලට ආසන්නයේදී බේරාගනු ලැබූ ශ්‍රී ලාංකිකයන් 300කට අධික පිරිසක් මෙරටට ගෙන්වාගැනීම සඳහා වියට්නාම් බලධාරීන් හා රාජතාන්ත්‍රික මට්ටමේ සම්බන්ධතා අරඹා ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය – අලි සබ්‍රි මහතා පවසයි.

මියන්මාර් ධජය සහිත Lady R3 නෞකාව අනතුරට පත්ව ඇති අතර, නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඉන්දික ද සිල්වා පැවසුවේ පසුගිය සඳුදා (07) බෝට්ටුවේ සිටි ශ්‍රී ලාංකික පුරවැසියෙකු නාවික හමුදාව අමතා ඔවුන් විපතට පත්ව සිටින බව පැවසූ බවත්  අනතුරුව කොළඹ නාවුක මුදාගැනීමේ මෙහෙයුම් සම්බන්ධීකරණ මැදිරිය සිංගප්පූරුව, වියට්නාමය සහ පිලිපීනය යන රටවලින් එම පිරිස මුදා ගැනීමට සහය පැතූ බවයි.

එම ප්‍රදේශයේ ගමන් කරමින් තිබූ ජපන් භාණ්ඩ නෞකාවක් වන Herios Leader විසින් මොවුන්ව බේරාගෙන ඇති අතර, Vung Tau වෙරළට ඔබ්බෙන් නැංගුරම් ලා ඇති මෙම නෞකාවට වියට්නාම වෙරළාරක්ෂක සාමාජිකයන් මෙන්ම වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජිතයන්ද පැමිණ ඇතැයි වාර්තා වේ.

මෙම පිරිස කැනඩාව බලා ගමන් කරමින් සිටි සංක්‍රමණිකයන් පිරිසක් බව මාධ්‍ය වාර්තා කරයි.

පුවත්

තවත් පිරිසක් සජබය සමඟ එක්වේ

Published

on

By

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය සංවිධායකවරුන් කිහිප දෙනෙකු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී සමගි ජන බලවේගය සමග එක්වී තිබේ. 

ඒ සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක ජන පවුර වැඩසටහනේ පොළොන්නරුව දිස්ත්‍රික් රැස්වීම පැවැති අවස්ථාවේදී ය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ හිටපු අමත්‍යවරයකු වූ නන්දසේන හේරත් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්විය.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන් ම මහවැලි සංවර්ධන අධිකාරියේ අධ්‍යයක්ෂවරයකු ලෙස කටයුතු කළ තිලක් මහලේකම්ගේ මහතා ද සමගි ජන බලවේගය හා එක්විය.

තවද ජනතා විමුක්ති පෙරමුණේ පොළොන්නරුව නගර සභාවේ අපේක්ෂකයෙකුව සිටි එච්. සමන්ත බණ්ඩාර මහතා ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්විය.

Continue Reading

පුවත්

ලෝක ප්‍රසිද්ධ සුරතලා මිය යයි

Published

on

By

ක්‍රිප්ටෝ මුදල් ඒකකයක් වන ඩොජ්කොයින්හි සංකේතය වන සුනඛ මුහුණට හිමිකම් කියන කබොසු සුනඛයා මිය ගොස් තිබේ.

ෂීබා ඉනූ සුනඛ වර්ගයට අයත් කබොසු ලියුකේමියාව හේතුවෙන් මියගොස් ඇත.

එම සුරතලාගේ හිමිකරු වන්නේ ජපානයේ ගුරුවරයෙකි.

Continue Reading

පුවත්

අපිරිසිදු දන්සල් 20කට නීතිමය ක්‍රියාමාර්ග

Published

on

By

දිවයින පුරා පවත්වනු ලැබූ දන්සල් 20,000ක් පරීක්ෂාවට ලක්කළ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ විධායක සාමාජික සඳුන් හේමන්ත රත්නායක මහතා පවසයි.

එහිදී අපිරිසිදු තත්ත්වයේ පවත්වාගෙන ගිය දන්සැල් 20කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත් බව සඳුන් හේමන්ත රත්නායක මහතා විසින් පවසන ලදී.

කොළඹ නගර සීමාවේ දන්සැල් 4000ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර , එයිනුත් අපිරිසිදු තත්ත්වයේ තිබූ දන්සැල් 5කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත් බවයි සඳහන් වේ.

මෙහිදී බත්, ෆ්‍රයිඩ් රයිස්, කොත්තු, සීනි සම්බල් පාන්, කඩල, මඤ්ඤොක්කා, බීම දන්සල් පරීක්ෂාවට ලක්කර ඇත.

ඒ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 1800ත් 2000ත් අතර පිරිසක් සහභාගී වූ බව සඳහන් වේ.

දන්සැල් පරීක්ෂාව ලබන 27 වැනිදා දක්වා ක්‍රියාත්මකයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved