පුවත්

IMF ගිවිසුමට සජබ එරෙහි වෙයි

Published

on

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ආණ්ඩුව ඇතිකරගත් ගිවිසුමට විරුද්ධ වීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගනු ලැබීය.

අත්තනෝමතික ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කිරීම හේතුවෙන් ඔවුන් ගෙන එනු ලබන සියලු  යෝජනාවලට කොන්දේසි විරහිතව ඒකග වීමට ආණ්ඩුවට සිදුව ඇති බවත් පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී සාකච්ඡාවට බඳුන් වී ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගණුදෙනුව සිදුකල යුත්තේ විනිවිදභාවයකින් සහ රටට ජයග්‍රහණ අත්පත් කරගත හැකි වාසිදායක තත්ත්වයක් නිර්මාණය කරමින් වුවත් එය සිදුව නොමැති බවත් එහිදී  අදහස් දැක්වූ මන්ත්‍රීවරුන් සඳහන් කොට තිබේ.

රටට අහිතකර කොන්දේසි සමග ගිවිසුම අත්සන් කර තිබීම සහ ගිවිසුම රටට ඉදිරිපත් නොකිරීම ඇතුළු කරුණු පදනම් කරගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ආණ්ඩුව ඇතිකරගත් ගිවිසුමට විරුද්ධ වීමට සජබ පාර්ලිමේන්තු කණ්ඩායම එහිදී ඒකමතිකව තීරණය කරනු ලැබීය.

(ලංකාදීප)

Trending

Exit mobile version