පුවත්

IMF එක ලංකාවේ වැඩසටහන් සමාලෝචනය අනුමත කරයි

Published

on

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇති වැඩසටහනේ දෙවැනි සමාලෝචනය අනුමත කර තිබේ.

අමාත්‍ය අලි සබ්‍ රි මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් මේ බව කියා සිටී.

එහි වැඩිදුරටත්, “මෙම ජයග්‍රහණය ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙනයාමට සහ සියලුම ශ්‍රී ලාංකිකයින්ට සමෘද්ධිමත් අනාගතයක් සුරක්ෂිත කිරීමට අපගේ කැපවීමට සාක්ෂියකි.” යනුවෙන්ද සඳහන් ‍වේ.

මේ අතර, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් කියා සිටින්නේ මෙම සමාලෝචනයෙන් දළ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 330 ක තුන්වන ණය වාරිකයේ දොරගුළු හැරීමට ඉවහල්වනු ඇති බවයි.

ජාත්‍යන්තර හවුල්කරුවන් ශ්‍රී ලංකාවේ ප්‍රයත්නයන්ට අඛණ්ඩව සහය දක්වනු ඇතැයි සුබවාදීව සිතන බවද අමාත්‍යවරයා එහි වැඩිදුරටත් දක්වා තිබේ.

එසේම, ද්විපාර්ශ්වික හවුල්කරුවන්ගේ අඛණ්ඩ සහයෝගය ඇතිව, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් අවසන් කිරීමේ අවසන් පියවරවලට මේවන විට ළඟාවී ඇතැයිද සේමසිංහ මහතා සිය X පණිවුඩයෙන් වැඩිදුරටත් කියි සිටී.

Trending

Exit mobile version