පුවත්

KDU හි ලක්ෂ 65ක හොරකමක්

Published

on

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අයත් රෝහලේ ගොඩනැඟිලි 10ක සවි කර තිබුණු රුපියල් ලක්ෂ හැටපහකට අධික වටිනාකමක් ඇති අකුණු සන්නායකවල ඇති තඹ පටි කිසිවකු විසින් සොරාගෙන ගොස් ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන්  ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරු නාවික හමුදාවේ ලුතිනන් කර්නල් පී.කේ.ඩී. ගොඩකන්ද මහතා විසින් පෙරේදා (22) බොරලැස්ගමුව පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබේ.

එම පැමිණිල්ලට අනුව සොරාගත් තඹ පටිවල වටිනාකම රුපියල් ලක්ෂ 65,97,000ක් පමණ වේ.

මෙම සොරකම ජනවාරි 30 වෙනිදාත් ජූලි 03 වෙනිදාත් අතර කාලය තුළ සිදුව ඇතැයි පැමිණිල්ල අනුව කියැවෙන බව පොලිසිය කියයි.

දැඩි ආරක්ෂක විධිවිධාන ඇති මෙම රෝහල් භූමියට පිටස්තර පුද්ගලයින්ට ඇතුළුවී මෙවන් සොරකමක් කිරීමට ඉඩක් නොමැති බව මූලික විමර්ශනයේදි ම පොලිසියට පෙනී ගොස් ඇත.

අදාළ සොරකම සම්බන්ධයෙන් මේවන විට හෝඩුවාවක් ලැබී ඇතැයි ද වාර්තා වේ.

Trending

Exit mobile version