සිය සමස්ථ කාර්යමණ්ඩලයෙන් 13%ක් කපාහරින බව ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම් හා වට්ස්ඇප් ඇප් මෘදුකාංග අයත් වන මෙටා සමාගම නිවේදනය කරයි.
ඒ අනුව, ලොවපුරා සිටින 87,000ක කාර්යමණ්ඩලයෙන් 11,000ක පිරිසකට පමණ රැකියා අහිමි වනු ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙටා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී – මාක් සකර්බර්ග් පවසා ඇත්තේ මෙය, මෙටා සමාගම් ඉතිහාසයේ සිදුකිරීමට සිදුවූ අසීරුතම වෙනස්කමක් බවයි.
මීට පෙර ඊලොන් මස්ක් විසින් මිලදීගනු ලැබූ ට්විටර් සමාගමේ කාර්යමණ්ඩලයෙන් අඩක් පමණද ඉවත් කර තිබුණි.