ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ ආචාර්ය තිලාන් මිරන්ඩා මහතා අනිවාර්ය නිවාඩු යවා ඇතැයි වාර්තාවේ.
ඔහුට එල්ල වී තිබූ චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් කොමිෂන් සභාවේ අධ්යක්ෂ මණ්ඩලය විසින් මූලික විමර්ශනයක් සිදු කර ඇති අතර, ඉන්පසුව විධිමත් පරීක්ෂණයක් කිරීමට නිර්දේශ කර ඇති බවත් එම විධිමත් පරීක්ෂණයට ඒ මහතා සේවයේ සිටීම බාධාවක් වීම හේතුවෙන් අනිවාර්ය නිවාඩු යවා ඇති බවත් එම කොාමිසමේ සභාපති ශෂි වෙල්ගම මහතා පවසයි.
එම චෝදනා සම්බන්ධයෙන් වාර්තාවක් ප්‍රවාහන අමාත්‍යංශයට ද යොමු කර ඇතැයි සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.