Connect with us

පුවත්

COP27 සමුළුව අතර ණය කළමනාකරණය පිළිබඳ සාකච්ඡාවකට ජනපති එක්වෙයි

Published

on

ඊජිප්තුවේ ෂර්ම් එල්-ෂෙයික් හි දී පැවැත්වෙන COP 27 දේශගුණික විපර්යාස සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටිනා ජෝර්ජිවා (Kristalina Georgiva), ගහනාවේ මුදල් අමාත්‍ය කෙන් ඔෆෝරි අට්ටා (Ken Ofori-Atta) සහ මාලදිවයිනේ කථානායක මොහොමඩ් නෂීඩ් යන මහත්වරු අතර හමුවක් අද (08) පැවැත්විණි.

ණය කළමනාකරණය පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන මහතා ද ඊට සහභාගී විය.

පුවත්

පරාටේ නීතිය අත්හිටුවන පනත් කෙටුම්පත සම්මතයි

Published

on

By

ණය ගෙවීම ප්‍රමාද වන සහ පැහැර හරින පුද්ගලයන්ගේ දේපළ වෙන්දේසි කිරීමට බැංකු ඇතුළු මූල්‍ය ආයතන වලට බලය ලැබෙනපරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන ‘බැංකු මඟින් ප්‍රදානය කරන ලද ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද (07) සංශෝධන රහිතව සම්මත කෙරිණ.

මේ අනුව පරාටේ නීතිය ලබන  දෙසැම්බර් 15 දක්වා අත්හිටුවීම සඳහා මෙම පනත් කෙටුම් පතෙන් ප්‍රතිපාදන සැලසෙනු ඇත.

කාරක සභා අවස්ථාවේදී කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා විසින් ඉදිරිපත් කෙරුණු සංශෝධන සම්බන්ධයෙන් පැවති ඡන්ද එම සංශෝධන වැඩි ඡන්ද 30 කින්  පරාජයට පත්විය.

සංශෝධනවලට විරුද්ධව ඡන්ද හතළිස් නවයක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 19ක් පමණි. එක් මන්ත්‍රීවරයෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

Continue Reading

පුවත්

2007 නඩුවකට මර්වින් සිල්වාට ඇප

Published

on

By

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයෙකුට බැණ පහරදී තර්ජනය කළේ යැයි චෝදනාලත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇප මත මුදා හැරීමට  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය අද (07) නියෝග කළාය.

එම නඩුවේ තෙවැනි සැකකරු ලෙස නම්කර සිටින හිටපු නාගරික මන්ත්‍රීවරයකු වන ලාල් පීරිස් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද නියෝග කළ මහේස්ත්‍රාත්වරිය ඔහුගේ විදේශ ගමන් තහනම් කිරීමට ද නියෝග කළාය.

2007 වසරේදී මැර කණ්ඩායමක් සමග රූපවාහිනී සංස්ථාවට ඇතුළු වී ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයාට පහරදීම තර්ජනය කිරීම ඇතුළු චෝදනා යටතේ මර්වින් සිල්වා මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව  මෙම නඩුව පවරා ඇත.

මර්වින් සිල්වා සැකකරුට රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් නියම කෙරිණි.

(ලංකාදීප)

Continue Reading

ක්‍රීඩා

T20 ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා නිල අනුග්‍රාහකත්වය “Amul”ට

Published

on

By

ICC පිරිමි T20   ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රාහකත්වය මේ වනවිට ඉන්දියානු සමාගමක් විසින් බාරගෙන තිබේ.

ඒ ජාත්‍යන්තර මට්ටමේ කිරි නිෂ්පාදන සමාගමක් වන Amul සමාගමයි.

ඒ අනුව මෙවර තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල අනුග්‍රාහකයා ලෙස Amul සමාගම විසින් සිය අනුග්‍රාහකත්වය දක්වනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා මහතා පැවසූවේ,

“Amul ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ ඇති හවුල්කාරිත්වය විශිෂ්ට පියවරක්, ජාත්‍යන්තර ක්‍රීඩා සන්නාමයක් සමඟ සම්බන්ධ වීම ස්ථිර වශයෙන්ම සමාගමට වෙළඳපල වර්ධනයක් ලබා ගැනීමට සහ ජාත්‍යන්තර ප්‍රේක්ෂකයින් අතර එහි සන්නාම දෘශ්‍යතාව තවදුරටත් ඉහළ නැංවීමට උපකාරී වනු ඇත,”
යනුවෙනි.

ICC පිරිමි T20 ලෝක කුසලාන තරඟ  2024 ජුනි 01 සිට 29 දක්වා බටහිර ඉන්දීය කොදෙව් සහ ඇමරිකා එක්සත් ජනපදයේදී පැවැත්වීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved