පුවත්

පොහොට්ටු ප්‍රබලයෝ අලිය නැග්ගීමේ මෙහෙයුම!

Published

on

ආණ්ඩුවේ ඇමතිධුර හොබවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයන් කිහිප දෙනකු එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කරගැනීම සදහා ,පොදුජන පෙරමුණෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරයකු මැදිහත් වී සිටින බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

බස්නාහිර පළාත නියෝජනය කරන මෙම මන්ත්‍රීවරයා පොදුජන පෙරමුණෙන් ඉවත් ව, ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන අතර, ඔහු ආණ්ඩුවේ ඇමතිධුර හොබවන පොදුජන පෙරමුණ පෙරමුණේ ප්‍රබලයන් කිහිදෙනෙකු පසුගිය දා හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇතැයිද දැනගන්නට තිබේ.ඔහු ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍ය ධුර හොබවන ,කොළඹ , ගම්පහ, මහනුවර, ගාල්ල, මාතර ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක පොදුජන පෙරමුණේ ඇමැතිවරුන් කිහිප දෙනකුම හමුවී ඇතැයි ද දැනගන්නට ඇත.(ලංකාදීප)

Trending

Exit mobile version