පුවත්

සෝල් හි හැලොවීන් සැමරුමෙන් මියගියවුන් අතර ලාංකිකයෙකුත්

Published

on

දකුණු කොරියාවේ සෝල් අගනුවර ඊයේ (30) රාත්‍රියේ ඇති වූ තෙරපීමෙන් මියගිය පිරිස අතර ලාංකිකයෙකුද සිටින බව වාර්තා වේ.

මහනුවර ප්‍රදේශයේ පිරිමි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බව මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

හැලොවීන් සැමරුමක් අතරතුර දී පටු මාවතකට විශාල සෙනගක් රැස්වීම හේතුවෙන් ඇතිවූ තෙරපුමකින් පුද්ගලයන් 150කට වැඩි පිරිසක් මියගොස් තිබුණි.

Trending

Exit mobile version