පුවත්

TikTok පෞද්ගලිකත්වය හා ආරක්ෂාවට අවදානමක්; අද සිට තහනම්

Published

on

රජය විසින් නිකුත් කරන ලද සියලුම උපාංගවලින් ටික්ටොක් (TikTok) යෙදවුම් අද (28) සිට භාවිත කිරීම තහනම් කිරීමට කැනඩාව පියවර ගෙන ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.

පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව සඳහා පිළිගත නොහැකි මට්ටමේ අවදානමක් පවතින බැවින් එම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

අමෙරිකා එක්සත් ජනපදය ද ෆෙඩරල් සේවකයින්ට පසුගිය වසර අගභාගයේදී ටික්ටොක් භාවිතය තහනම් කළ අතර පසුගිය සඳුදා දිනයේ ඔවුන්ගේ රජයේ ආයතනවල අදාළ යෙදුම ඉවත් කිරීම සඳහා දින 30ක කාලයක් ලබාදී තිබේ.

මීට අමරතව යුරෝපා කොමිසමේ සේවකයින් සඳහා ද මාර්තු මස 15 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ටික්ටොක් යෙදුම තහනම් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

Trending

Exit mobile version