පුවත්

TNA පාර්ලිමේන්තු නායකයා තේරීම අගෝස්තුවේ

Published

on

දෙමළ ජාතික සන්ධානයේ (TNA) හිටපු නායක ආර්. සම්පන්දන් මහතාගේ අභාවයෙන් පසුව පාර්ලිමේන්තුව තුළ එම සන්ධානයට මෙතෙක් නායකයකු පත් කර නොමැත.

පුරප්පාඩු වූ නායකත්ව තනතුර සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නැතත්, ඒ පිළිබඳව සාකච්ඡා කර තීරණයක් ගැනීම සඳහා ලබන මස (අගෝස්තු) මුලදී දෙමළ ජාතික සන්ධානයේ මධ්‍යම කාරක සභාව රැස්වීමට නියමිත බව දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානතම පක්ෂය වන ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීතරන් මහතා මාධ්‍යට පවසා තිබේ.

Trending

Exit mobile version