Connect with us

ඡායාරූප සටහන

ඊයේ සිදුවූ පූර්ණ බීවර් රුධිර චන්ද්‍රග්‍රහණය ලොව දුටු හැටි (ඡායා)

Published

on

පූර්ණ චන්ද්‍රග්‍රහණය නැරඹීමට ඕස්ට්‍රේලියාවේ ස්ටැන්වෙල් උද්‍යානයට රැස් වූ පිරිස් (ඡායාරූපය: Dean Lewins/EPA)

ඊයේ (08) දිනයේදී ආසියාව, ඕස්ට්‍රේලියාව සහ ඇමරිකාව සහ යුරෝපයේ කොටසකට දර්ශනය වන පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදුවිය.

පූර්ණ බීවර් රුධිර චන්ද්‍රග්‍රහණය ලෙස හැඳින්වුනු මෙය, 2022 වසරේ දෙවන සහ අවසාන පූර්ණ චන්ද්‍රග්‍රහණය විය. පූර්ණ චන්ද්‍රග්‍රහණයක් නැවතත් ලොවට දිස්වනුයේ 2025 මාර්තු 14 දා ය.

රතට හුරු චන්ද්‍රයා හා එම චන්ද්‍රග්‍රහණය උතුරු ඇමෙරිකාවේ සිට පැසිෆික් කලාපය දක්වා දිස් වුවද, යුරෝපයට දිස් නොවිනි.

ලොව විවිධ රටවල් වලට මෙම චන්ද්‍රග්‍රහණය දිස් වූ අන්දම පහත දැක්වේ.

සමස්ථ චන්ද්‍රග්‍රහණ ක්‍රියාවලිය නිරිත දිග දකුණු කොරියාවේ ග්වංග්ජු නුවරට දිස් වූ අයුරු (ඡායාරූපය: Yonhap/EPA)
ඉන්දියාවේ කොල්කටා නුවරට චන්ද්‍රග්‍රහණය දිස්වූ අයුරු (ඡායාරූපය: Piyal Adhikary/EPA)
මියන්මාරයේ යැන්ගොන් හි ශ්වේදගොන් පැගෝඩාවාට ඉහළින් පැයූ සඳ (ඡායාරූපය: Thein Zaw/AP)
ඇමෙරිකාවේ නිව් යෝක් නගරයේ පිහිටි එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ලට ඉහළින් පායා ඇති රත් පැහැ සඳ (ඡායාරූපය: Gary Hershorn/Getty Images)
වෙනසුවේලාවේ කැරකස් අගනුවර මහජන චතුරස්‍රයක ඇති නත්තල් සැරසිලි අතරින් දිස් වූ චන්ද්‍රග්‍රහණය (ඡායාරූපය: Matias Delacroix/AP)
චීනයේ බෙයිජිං අගනුවර තහනම් නගරයේ පිටත තාප්පයේ ඇති කෙළවර කුළුණක පසුපසින් පෑයූ රත්පැහැ සඳ (ඡායාරූපය:Mark Schiefelbein/AP)
ඕස්ට්‍රේලියාවේ කැන්බෙරා අගනුවර පාර්ලිමේන්තු සංකීර්ණයට ඉහළින් පෑයු සඳ (ඡායාරූපය: Getty Images)
ජපානයේ තෝක්යෝ අගනුවර සෙන්සෝජි පන්සලේ වහලට ඉහළින් දිස් වූ චන්ද්‍රග්‍රහණය (ඡායාරූපය: EPA)
එල් සැල්වදෝරයේ අගනුවරට දිස් වූ චන්ද්‍රග්‍රහණය (ඡායාරූපය: Reuters)

ඡායාරූප සටහන

ලංකාවට ජපානයෙන් ගිනි නිවන රථ

Published

on

By

රටේ අපනයන සැකසුම් කලාප (EPZ) තුළ ආපදා ප්‍රතිචාර හැකියාවන් ශක්තිමත් කිරීම සඳහා, ආරක්ෂිත ව්‍යාපාරික පරිසරයක් සහතික කිරීම සහ ආර්ථික හා සමාජීය ස්ථාවරත්වයට දායක වීම සඳහා, ජපන් රජය, ජපන් යෙන් මිලියන 300 ක ආධාර ප්‍රදානයක් හරහා, ශ්‍රී ලංකා රජයට අති නවීන ජපන් ගිනි නිවන රථ ලබා දීමට තීරණය කර ඇත.

ජපන් තානාපති ගරු අකිඔ ඉසෝමතා මහතා සහ මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. එම්. සිරිවර්ධන මහතා අද (20) දිනයේදී කොළඹදී මෙම ආධාර ප්‍රදානයට අදාල සටහන් පත්‍ර වලට අත්සන් තබන ලදී.

ආයෝජන ආකර්ෂණය කර ගනිමින් සහ කාර්මික වර්ධනය මෙහෙයවමින් අපනයන සැකසුම් කලාප ශ්‍රී ලංකාවේ ආර්ථිකය තුළ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. ගිනි උවදුරු සහ අනෙකුත් හදිසි අවස්ථා වල වැඩිවන අවදානම් තත්වයන්, එහි තීරණාත්මක කාර්යයන්ට බාධා කිරීමේ අවදානමක් ඇත. අති නවීන තාක්‍ෂණයෙන් සමන්විත ජපන් ගිනි නිවන රථ, ව්‍යාපාර, සේවකයින් සහ ප්‍රජාවන් ආරක්ෂා කරමින් අපනයන සැකසුම් කලාප වල ධාරිතාවය ශක්තිමත් කරනු ඇත.

ශ්‍රී ලංකාවේ සමාජ-ආර්ථික අභියෝගවලට මුහුණ දීමට සහ තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා ජපානයේ නොසැලෙන කැපවීම ද මෙම ව්‍යාපෘතිය මගින් අවධාරණය කෙරේ.

Continue Reading

ඡායාරූප සටහන

කච්චතිව් දේව මංගල්‍යය සාර්ථකව අවසන්  (ඡායා)

Published

on

By

ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ වාර්‌ෂික දේව මංගල්‍යය පසුගිය දෙදින තුළ (14 හා 15 ) කච්චතිව් දූපතේදී සාර්ථකව පැවැත්වුණි.

වාර්ෂිකව පැවැත්වෙන මෙම දේවමංගල්‍ය  ශ්‍රී ලංකාවේ සහ ඉන්දීය පූජක ප්‍රසාදීන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ පූර්ණ දායකත්වයෙන් සංවිධානය කර තිබුණි

ඉන්දීය සහ ශ්‍රී ලාංකික බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම දේව මංගල්‍ය සඳහා ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා,නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතා, ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියහ.

Continue Reading

ඡායාරූප සටහන

කොළඹට පැමිණි ඉන්දීය යුද නෞකාව

Published

on

By

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS KUTHAR’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වී තිබේ.

එම නෞකාව ඊයේ (03) උදෑසන කොළඹ වරායට සේන්දු වූ බව නාවික හමුදාව පවසයි.

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ Corvette වර්ගයට අයත් ‘INS KUTHAR’ නෞකාව, දිගින් මීටර් 91.16කි.

නෞකාවේ කාර්යමණ්ඩලය 129ක ගෙන් සමන්විත අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස, කොමාණ්ඩර් Nitin Sharma කටයුතු කරනු ලබයි.

මෙම නිල සංචාරයේදී ‘INS KUTHAR’නෞකාවේ අණදෙන නිලධාරී සහ බටහිර නාවික විධානයේ ආඥාපති අතර නිල හමුවක් බටහිර නාවික විධාන මූලස්ථානයේදී සිදුකෙරුණි.

මෙම යුද නෞකාව මෙරට රැඳී සිටින කාලසීමාව තුළ එහි  කාර්යමණ්ඩලය කොළඹ ප්‍රදේශයේ ආකර්ෂණීය සංචාරක ස්ථාන නැරඹීම සඳහා සහ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදා අතර සුහදත්වය වර්ධනය කිරීම වෙනුවෙන් හා පුහුණු හුවමාරු වෙනුවෙන් සංවිධානය කෙරෙණ වැඩසටහන් සඳහා සහභාගීවීමට නියමිතව ඇත.

‘INS KUTHAR’නෞකාව නිල සංචාරය නිමා කරමින් 2025 මාර්තු මස 06 වැනි දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved