මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මොරටුව, එගොඩඋයන දුම්රිය ස්ථානයේ මගී ගුවන් පාලම ඊයේ (26) හදිසියේ කඩාවැටී තිබේ.
කෙසේ නමුත් පාලම කඩාවැටෙන අවස්ථාවේ දී කිසිවෙක් හෝ ඒ මත ගමන්කර නොමැති අතර, ඒ හේතුවෙන් කිසිදු පුද්ගලයෙකුට අනතුරක් සිදුව නොමැති බව වාර්තා වේ.
ඊයේ (26) රාත්‍රී 7.40ට පමණ මෙය සිදුව ඇති බව පොලීසිය පවසයි.
ගාල්ල දෙසට දුම්රියක් ධාවනය වී මඳ වේලාවකට පසු පාලම කඩාවැටී ඇත.
මේ හේතුවෙන් මොරටුව සිට පානදුර දක්වා ධාවනයවන මංතීරුව අවහිර වී පැවතිති අතර, එක් මංතීරුවක පමණක් දුම්රිය ගමනාගමනය සිදුවිය.
(ඡායා : Accident 1st)