ඡායාරූප සටහන

චීනයේ නව යුගයේ ඉදිරි ගමන බීජිංහිදී ප්‍රදර්ශනය කරයි (ඡායා)

Published

on

පසුගිය වසර 10 තුළ චීනයේ ජයග්‍රහණ සහ සංවර්ධනය ප්‍රදර්ශනය කරමින් බීජිං හි මේවන විට ප්‍රදර්ශනයක් පැවැත්වෙමින් තිබේ.

“නව යුගයේ ඉදිරියට ගමන් කිරීම” (“Forging Ahead in the New Era”) යන මාතෘකාවෙන් යුත් මෙම උත්සවය වර්ග මීටර් 30,000 කට වැඩි ප්‍රදේශයක පැතිර ඇත.

මේ ප්‍රදර්ශනය තුළ බීජිං – ටියැන්ජින් – හ’බෙයි කලාපය (Beijing-Tianjin-Hebei) සහ ග්වංදොං – හොංකොං – මැකාඕ යන (Guangdong-Hong Kong-Macao) කලාපය තුළ සිදු කරන ලද ජයග්‍රහණ විශේෂයෙන් දැකගැනීමට හැකියාව තිබේ.

දකුණු චීනයේ හයිනෑන් (Hainan) පළාත විශාලතම ප්‍රදර්ශන භූමිය අත්පත් කර ගැනීමට සමත්ව සිටින අතර, හයිනෑන් නිදහස් වෙළඳ වරායේ සංවර්ධනය සහ කලාපයේ පාරිසරික ආරක්ෂණ ජයග්‍රහණ එහි ප්‍රදර්ශනයට තබා තිබේ.

සංස්කෘතිය, පරිසරය සහ දරිද්‍රතාවය පිටුදැකීම ඇතුළු විවිධ ක්ෂේත්‍රවල චීනයේ අත්දැකීම් සඳහා ගෙන ඇති ධනාත්මක වෙනස්කම් පිළිබඳවද ප්‍රදර්ශනය නරඹන්නට දැක ගැනීමට හැකියාව ඇත.

ප්‍රදර්ශනය කොටස් හයකට බෙදා ඇති අතර එය පෙරවදන, මධ්‍යම විස්තීර්ණ ප්‍රදර්ශනය, දේශීය ප්‍රදර්ශන, ඉදිරි දැක්ම, මෙන්ම එළිමහන් ප්‍රදේශයක් සහ අන්තර්ක්‍රියා සඳහා ප්‍රදේශයක් වශයෙන් එය සමන්විත වේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික සම්මේලනය ආසන්නයේ තිබියදී ද, චීන ජනපති ෂී ජින්පිං මහතා ද මේ ප්‍රදර්ශනය නැරඹූ බව චීන මාධ්‍ය අනාවරණය කර තිබිණි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික සම්මේලනය ලබන 16 වැනිදා බීජිංහිදී ආරම්භ වීමට නියමිතය.

(සටහන හා ඡායා – කැළුම් ශිවන්ත චීනයේ බීජිංහි සිට…)

Trending

Exit mobile version