Connect with us

ඡායාරූප සටහන

චීනයේ නව යුගයේ ඉදිරි ගමන බීජිංහිදී ප්‍රදර්ශනය කරයි (ඡායා)

Published

on

පසුගිය වසර 10 තුළ චීනයේ ජයග්‍රහණ සහ සංවර්ධනය ප්‍රදර්ශනය කරමින් බීජිං හි මේවන විට ප්‍රදර්ශනයක් පැවැත්වෙමින් තිබේ.

“නව යුගයේ ඉදිරියට ගමන් කිරීම” (“Forging Ahead in the New Era”) යන මාතෘකාවෙන් යුත් මෙම උත්සවය වර්ග මීටර් 30,000 කට වැඩි ප්‍රදේශයක පැතිර ඇත.

මේ ප්‍රදර්ශනය තුළ බීජිං – ටියැන්ජින් – හ’බෙයි කලාපය (Beijing-Tianjin-Hebei) සහ ග්වංදොං – හොංකොං – මැකාඕ යන (Guangdong-Hong Kong-Macao) කලාපය තුළ සිදු කරන ලද ජයග්‍රහණ විශේෂයෙන් දැකගැනීමට හැකියාව තිබේ.

දකුණු චීනයේ හයිනෑන් (Hainan) පළාත විශාලතම ප්‍රදර්ශන භූමිය අත්පත් කර ගැනීමට සමත්ව සිටින අතර, හයිනෑන් නිදහස් වෙළඳ වරායේ සංවර්ධනය සහ කලාපයේ පාරිසරික ආරක්ෂණ ජයග්‍රහණ එහි ප්‍රදර්ශනයට තබා තිබේ.

සංස්කෘතිය, පරිසරය සහ දරිද්‍රතාවය පිටුදැකීම ඇතුළු විවිධ ක්ෂේත්‍රවල චීනයේ අත්දැකීම් සඳහා ගෙන ඇති ධනාත්මක වෙනස්කම් පිළිබඳවද ප්‍රදර්ශනය නරඹන්නට දැක ගැනීමට හැකියාව ඇත.

ප්‍රදර්ශනය කොටස් හයකට බෙදා ඇති අතර එය පෙරවදන, මධ්‍යම විස්තීර්ණ ප්‍රදර්ශනය, දේශීය ප්‍රදර්ශන, ඉදිරි දැක්ම, මෙන්ම එළිමහන් ප්‍රදේශයක් සහ අන්තර්ක්‍රියා සඳහා ප්‍රදේශයක් වශයෙන් එය සමන්විත වේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික සම්මේලනය ආසන්නයේ තිබියදී ද, චීන ජනපති ෂී ජින්පිං මහතා ද මේ ප්‍රදර්ශනය නැරඹූ බව චීන මාධ්‍ය අනාවරණය කර තිබිණි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික සම්මේලනය ලබන 16 වැනිදා බීජිංහිදී ආරම්භ වීමට නියමිතය.

(සටහන හා ඡායා – කැළුම් ශිවන්ත චීනයේ බීජිංහි සිට…)

ඡායාරූප සටහන

ජාතික සත්වෝද්‍යානයේ පැවති  හිස තෙල් ගෑම චාරිත්‍රය (ඡායා)

Published

on

By

අලුත් අවුරුදු චාරිත්‍රයක් වන හිස තෙල් ගෑම චාරිත්‍රය දෙහිවල ජාතික සත්වෝද්‍යානයේදී ද අද (16) සිදුකෙරුණි.

ඒ අනුව නැකතට හිස තෙල් ගෑමේ චාරිත්‍රය සත්වෝද්‍යානයේ වාසය කරන කඩොල් ඇතාගෙන් ආරම්භ  විය.

දැනට ශ්‍රී ලංකාව තුළ ජීවත් වන වයස්ගතම සත්වයා වන වයස අවුරුදු 153ක් වන යෝධ ඉබ්බාගේ හිස තෙල් ගෑමද සිදුවිය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් දෙහිවල සත්වෝද්‍යානයට ලැබුණු දුඹුරු වලසාගේ හිස තෙල් ගෑම ද නැතකට සිදු කෙරුණි.

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජෙනරාල් චන්දන රාජපක්ෂ මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය අධ්‍යක්ෂිකා දිනුෂිකා මානවඩු ඇතුළු සත්වෝද්‍යානයේ පාලන අධිකාරිය මෙය සංවිධානය කර තිබුණි.

Continue Reading

ඡායාරූප සටහන

COPE විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ස්ථානීය පරීක්ෂාවක් (ඡායා)

Published

on

By

සීමාසහිත ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමට (AASL) අදාළව 2022 සහ 2023 වර්ෂයේ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනයට අදාළව, පසුගියදා (2025.04.02) පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතිය පසුවිපරමට ලක් කරනු ලැබීය.

ඒ අනුව, ඊට අදාළ කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කිරිමට කෝප් කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර
මහතාගේ මුලිකත්වයෙන් ඊයේ (2025.04.09) කෝප් කාරක සභාව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ ස්ථානීය පරීක්ෂණයක නිරත විය.

මෙහිදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියට අදාළව දුරස්ථව පිහිටි ගුවන් යානා හැසිරවීමේ කොටස හා ටැක්සි මාර්ගය
(Remote Apron and Taxiways) ඉදිකිරීමේ කටයුතු මගින් ගුවන් තොටුපොළ සතුව පවතින ගුවන්යානා නැවතුම් සංඛ්‍යාව වැඩි කිරීමට අපේක්ෂා කර තිබුණි.

එහෙත් සැලසුම් හා උපදේශන සේවා ලබාගැනීම සඳහා ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගම විසින් සේවා ලබා ගත් ජපන්
හවුල් සමාගමත්, සීමාසහිත ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමත්, විසින් කිසිඳු තාක්ෂණික හෝ මෙහෙයුම් විග්‍රහයකින් තොරව මෙම කටයුතු සිදුකර තිබෙන බැවින්, අපේක්ෂිත අරමුණු ප්‍රායෝගිව සාක්ෂාත් කරගැනීම අභියෝගයක්ව තිබෙන බවට මෙහිදී නිරීක්ෂණය විය.

මෙම ව්‍යාපෘතිය සැලසුම්කරණ අවධියේදීම දුර්වලතා සහ ප්‍රායෝගික ගැටලු රැසකින් යුක්තවූවද, එය එසේ තිබියදීම මෙහි වැඩකටයුතු අවසන් කිරීමට
කටයුතු යොදා තිබු බවට කාරක සභාවට නිරීක්ෂණය විය. මතුව තිබෙන තත්ත්වය තුළ, මෙම ව්‍යාපෘතිය ඔස්සෙ අපේක්ෂිත අරමුණු සාක්ෂාත් කර
ගැනීමට ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගම මේ වන විටත් යෝජනා කොට ඇති විසදුම් නිරීක්ෂණය කිරීමද මෙහිදී සිදු
විය.

මෙහිදි කෝප් කාරක සභා සාමජිකයන් උක්ත ජපන් හවුල් සමාගමේ මෙරට නියෝජිතයන් සහ අදාළ ආයතනයන්හි ඉහළ නිලධාරීන් සමග මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු විමසීමක නිරත විය.

මෙම නොසැලකිලිමත් ක්‍රියාකලාපය හේතුවෙන් රජයට සිදුව ඇති පාඩුව සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කළ කාරක සභා සමාජිකයින්, ඉදිරි
සංවර්ධන කටයුතු සැලසුම් කිරිමේදී දැනට මතුව ඇති ගැටලු පිළිබඳව අවධානය යොමු නොකිරීමෙන් මහජන මුදල් තවදුරටත් අවභාවිතා විය හැකිබවත් එබැවින් ඒ සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්  අවධානය යොමු කිරීමටත් නිලධාරීන්ට නිර්දේශ කරණු ලැබීය.

මේ පිළිබඳව සාකච්ඡා කිරීමට ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගම නුදුරු දිනක නැවතත් කෝප් කාරක සභාවට කැදවීමට
තීරණය කරන ලදි.

මෙම ස්ථානීය පරීක්ෂාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.කේ.එම්. අස්ලම්, සමන්මලී ගුණසිංහ, ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග, රුවන් මාපලගම, සුනිල් රාජපක්ෂ, තිළිණ සමරකෝන්, චන්දිම හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීහු, අදාළ ආයතන නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් සහ පාර්ලිමේන්තු නිලධාරීන් සහභාගී වූහ.

Continue Reading

ඡායාරූප සටහන

අනුර – මෝදි ගෙන් කෝච්චියට සිග්නල් (ඡායා)

Published

on

By

මහව- ඕමන්ත දුම්රිය මාර්ගය සහ මහව – අනුරාධපුර දුම්රිය මාර්ග සංඥා පද්ධතිය ජනපති සහ ඉන්දියානු අගමැති අතින් විවෘත කෙරේ

මහව- ඕමන්ත දුම්රිය මාර්ගය සහ මහව – අනුරාධපුර දුම්රිය මාර්ගය සඳහා ස්ථාපනය කරන ලද සංඥා පද්ධතිය නිල වශයෙන් විවෘත කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා අතින් අද (06) සිදු කෙරිණි.

සමරු ඵලකය නිරාවරණය කර  දුම්රිය මාර්ගය සහ  සංඥා පද්ධතිය විවෘත කිරීම සහ  දුම්රිය පිටත් කර හැරීමේ පළමු සංඥාව නිකුත් කිරීම මෙහිදී ජනාධිපතිවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතින් සිදු කෙරිණි.

ඉන්දියන් Credit Line යටතේ ක්‍රියාත්මක වූ මහව- ඕමන්ත දුම්රිය මාර්ගය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත වටිනාකම ඇ.ඩො.මිලියන 91.27කි.

එමෙන්ම ඇ.ඩො.මිලියන 14.89ක් වියදමින් ස්ථාපනය කරන ලද මහව – අනුරාධපුර දුම්රිය මාර්ග සංඥා පද්ධතිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පසුගිය ඉන්දීය සංචාරයෙන් පසු ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට හිමි විය.

විදේශ කටයුතු ,විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් , වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය  නලින්ද ජයතිස්ස, උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස යන මහත්වරු සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ඡායා : ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved