ක්‍රිකට් පරිපාලනය සහ දේශපාලඥයන් සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසදාගත යුතු බවත් එසේ නොවුනහොත් අවසානයේදී ක්‍රීඩකයන් අපහසුතාවට සහ අගතියට පත්වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (12) පැවසීය.
තමා ක්‍රීඩා අමාත්‍යවරයාව සිටි කාලයේදී පරිපාලන ගැටළු සාකච්ඡා මාර්ගයෙන් විසදා ක්‍රීඩාව සහ ක්‍රීඩකයින්ගේ අනාගතය ගැන සිතා බව කී
රජපක්ෂ මහතා දේශපාලන සහ ක්‍රිකට් පරිපාලනය ගැටීම නිසා ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලය ක්‍රිකට් තහනම් කර ඇති බවද සඳහන් කළේය.
එම තහනම නිසා වාර්ෂිකව ඍජු හා වක්‍රව ඩොලර් මිලියන 100ක් පමණ මුදලක් රටට අහිමිවන බවත් ආණ්ඩුවේ අභ්‍යන්තර පරිපාලන ගැටළු නිරාකරණය කර ගැනීමට ක්‍රීඩාව පාවිච්චි නොකළ යුතු බවත් වැඩිදුරටත් සඳහන් කළේය.