වයස අවුරුදු 20න් පහළ ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය පසුගියදා ඩුබායිහි දී අතිඋත්කර්ෂවත් ලෙස අවසන් වූ අතර තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (29) අලුයම නැවත දිවයිනට පැමිණියහ.
ආසියානු කුසලාන මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම රිදි පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කම් 3ක් ඇතුළුව සමස්ත පදක්කම් 05ක් දිනා ගැනීමට සමත් විය.
එහිදි ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම කාන්තා තුන්පිම්ම ඉසව්වෙන් රිදී පදක්කමක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ නෙත්මිකා මධුෂානි සමත් වූ අතර, මීටර් 400 ×4 මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වෙන්ද රිදී පදක්කමක් දිනා ගැනීමට ද ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණි.
පිරිමි මීටර් 100 සහාය දිවීම ඉසව්වේ රිදි පදක්කම ද, කාන්තා මීටර් 400 සහාය දිවීමේ ඉසව්වේ සහ පිරිමි මීටර් 400 සහාය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම් දිනා ගැනීමට හැකිවූ අතර,
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරඟාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 17 එක්ව සිටියහ.