ක්‍රීඩා

ඉන්දුනීසියාව, ලෝක කුසලාන සත්කාරකත්වයෙන් ඉවතට

Published

on

20න් පහළ ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සත්කාරක අයිතිය ඉන්දුනීසියාවට ලබා නොදීමට ජගත් පාපන්දු සම්මේලනය (ෆීෆා) විසින් තීරණය කර තිබේ.

ඉන්දුනීසියාවේ පාපන්දු සංගමය (PSSI) පැවසුවේ බාලි හි ආණ්ඩුකාරවරයා වන Wayan Koster විසින් ඊශ්‍රායල කණ්ඩායමට සත්කාරකත්වය දැක්වීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ ෆීෆා හට මෙම තීන්දුව ගැනීමට සිදු වූ බවයි.

20න් පහළ ලෝක කුසලාන පාපන්දු තරගාවලිය මැයි 20 සිට ජුනි 11 දක්වා පැවැත්වීමට නියමිතය.

ඉන්දුනීසියාව, ඊශ්‍රායලය සමඟ කිසිදු විධිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතාවක් නොපවත්වන අතර, පලස්තීනයට සහය පළ කරමින් ඊශ්‍රායල කණ්ඩායම මෙම තරඟාවලියට තරඟ කිරීම වළක්වන මෙන් ඉල්ලමින් විරෝධතාකරුවන් පසුගියදා පාගමන් පවත්වා තිබුණි.

මෙම තරගාවලිය සඳහා ඉන්දුනීසියාවට සත්කාරක අයිතිය 2019 දී පිරිනැමුණු අතර, ඒ වන විට ඊශ්‍රායලය තරගාවලියට සුදුසුකම් ලබා නොතිබුණි.

ෆීෆා නිවේදනයක දැක්වෙන්නේ දැනට නියම කර ඇති තරඟාවලියේ දිනයන් නොවෙනස්ව පවතින බවත්, හැකි ඉක්මනින් නව සත්කාරක රාජ්‍යයක් ප්‍රකාශයට පත් කරන බවත්ය.

තවද, ඉන්දුනීසියාවේ පාපන්දු සංගමයට එරෙහිව පැනවිය හැකි සම්බාධක ද පසුකාලීන අදියරේදී තීරණය කිරීමේ හැකියාවක් පවතින බවද එහි වැඩිදුරටත් දැක්වේ.

Trending

Exit mobile version