Connect with us

ක්‍රීඩා

ඉන්දු – පාකිස්තානු තරගය නැවතත් අද

Published

on

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හතර’ වටයේ ඉන්දියාව සහ පාකිස්තානය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (10) පැවැති තරගයට වර්ෂාවෙන් බාධා ඇති වීම නිසා රාත්‍රී 8.30 ට තරගය අත්හිටුවීය.

තරගය නැවත අද (11) පස්වරු 3.00 ට  ආරම්භ වීමට නියමිතය.

වර්ෂාව හේතුවෙන් තරගය අත්හිටුවන විට පළමුව පන්දුවට පහර දෙමින් සිටි ඉන්දීය පිල පන්දුවාර 24.1 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 147 ක් රැස්කර සිටියේය.

ඉන්දීයව (පන්දුවාර 24.1 කදී) 147/2

(රෝහිත් ශර්මා 56, සුබ්මන් ගිල් 58, විරාට් කෝලි නොදැවී 08, කේ. එල්. රාහුල් නොදැවී 17)

ෆකාර් සමාන් ප්‍ර‌ේක්ෂකයින්ගෙන් ලකුණු දාගනියි

මේ අතර, ඊයේ (10) තරගයට වර්ෂාවෙන් බාධා වන අවස්ථාවේ ක්‍රීඩාංගණය ආවරණය කිරීමට ක්‍රීඩාංගණයේ සේවකයන් යුහුසුලුව කටයුතු කරද්දී, පාකිස්තාන ක්‍රීඩක ෆකාර් සමාන් ද ඔවුන් සමඟ එක්වෙමින් පිටිය වැසීමට උපකාර කිරීම ප්‍ර‌ේක්ෂක අවධානය දිනා ගැනීමට මෙන්ම ඇගයීමට ද ලක්වීම විශ‌ේෂිතය.

ක්‍රීඩා

නවසීලන්ත දඟ පන්දු යැවීමේ පුහුණුකරු තනතුර රංගනට

Published

on

By

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් නවසීලන්ත කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස පත්කර තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

එහිදී නවසීලන්තය ඇෆ්ගනිස්තානයට එරෙහිව එළැඹෙන එක්දින ටෙස්ට් සහ ශ්‍රී ලංකාවට එරෙහිව ICC ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියට ඔහුගේ දායකත්වය ලබා දෙන බව එම නිවේදනයේ දැක්වේ.

මේ අතර නවසීලන්ත කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස හිටපු ඉන්දීය පිතිකරණ පුහුණුකරු වික්‍රම් රතූර්ද පත් ක‍ර ඇති බව සඳහන්ය.

Continue Reading

ක්‍රීඩා

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද යි

Published

on

By

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තුන්වැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (06) පැවැත්වේ.

තරගය පස්වරු 3.30ට එංගලන්තයේ ලන්ඩන්හි ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

අද තරගය සඳහා වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය වෙනුවට විශ්ව ප්‍රනාන්දු ව කැඳවා ඇති අතර නිශාන් මදුෂ්ක වෙනුවට කුසල් මෙන්ඩිස්ව කැඳවා තිබේ.

තෙවැනි ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම

1. දිමුත් කරුණාරත්න, 2. පැතුම් නිශ්ශංක, 3. කුසල් මෙන්ඩිස්, 4. ඇන්ජලෝ මැතිව්ස්, 5. දිනේෂ් චන්දිමාල්, 6. ධනංජය ද සිල්වා (නායක), 7. කමිඳු මෙන්ඩිස්, 8. මිලාන් රත්නායක, 9. විශ්ව ප්‍රනාන්දු, 10. ලහිරු කුමාර, 11. අසිත ප්‍රනාන්දු

Continue Reading

ක්‍රීඩා

හර්ෂිතා සමරවික්‍රම අගෝස්තු මාසයේ ICC ක්‍රීඩිකාවට නිර්දේශ වෙයි

Published

on

By

අගෝස්තු මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකා සඳහා හර්ෂිතා සමරවික්‍රම නිර්දේශ වී තිබේ.

ඒ, අයර්ලන්තයට එරෙහිව දැක්වූ දක්ෂතා හේතුවෙනි.

අයර්ලන්තය සමඟ පැවැති විස්සයි විස්ස තරගාවලියේ දී නොදැවි ලකුණු 86ක් සහ ලකුණු 65ක් රැස්කරගත්තේ, තරගාවලියේ වැඩිම ලකුණුලභියා වෙමිනි.

එමෙන් ම එක්දින තරගාවලියේ වැඩිම ලකුණුලාභියා වීමට ඇය සමත් වුවාය.

එහිදී ලකුණු 19, 105ක් සහ නොදැවි ලකුණු 48ක් ලබාගත්තාය.

එමෙන් ම අදාළ සම්මානය සඳහා නිර්දේශ වී ඇති සෙසු ක්‍රීඩාවන් දෙදෙනා අයර්ලන්ත ජාතිකයන් වීම විශේෂත්වයකි.

ඔර්ලා ප්‍රෙන්ටගස් සහ ගැබී ලෙවිස් ඒ සඳහා නිර්දේශවී තිබේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved