ක්‍රීඩා

කණ්ඩායම ගැන දැඩි තීරණ ගන්න වෙයි

Published

on

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධයෙන් ඉදිරියේ දී දැඩි තීරණය ගැනීමට සිදුවනු ඇති බව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු තිළිණ කණ්ඩම්බි පවසයි.

ඉන්දියාව සමඟ ඊයේ (28) නිමා වූ දෙවන විස්සයි විස්ස තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළේය .

පිතිකරුවන් වශයෙන් මීට වඩා වගකීම් සහගත වියයුතු බවත් පිටියට ගියවිට මීට වඩා කල්පනාවෙන් ක්‍රීඩා කළ යුතු බව ඔහු පැවසීය.

කණ්ඩායමේ සිටින මැදපෙළ පිතිකරුවන් මෙලෙස දිගින් දිගටම අසාර්ථක වනවා නම් සංචිතයේ සිටින දක්ෂ නවක ක්‍රීඩකයින්ට එම අවස්ථාව ලබාදීමට කටයුතු කරන බව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිලිතුරු දෙමින් ඔහු මේ බව වැඩිදුරටත් සඳහන් කළේය.

Trending

Exit mobile version