ක්‍රීඩා

කොදෙව් එක්දින තරගාවලියට ශ්‍රී ලංකා කාන්තා සංචිතය නම් කරයි

Published

on

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

ක්‍රීඩිකාවන් 16 දෙනෙකුගෙන් යුත් මෙම සංචිතයට  ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ අනුමැතිය හිමිවී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්තා කරයි.

තරග තුනකින් යුත් මෙම තරගාවලිය ජුනි 15,18 හා 21 යන දින වල හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.

සංචිතය : චමරි අතපත්තු (නායිකා), හර්ෂිතා සමරවික්‍රම, හසිනි පෙරේරා, කවිෂා දිල්හාරි, හංසිමා කරුණාරත්න, ඕෂධී රණසිංහ, ඉනෝෂි ප්‍රනාන්දු, ඉනෝකා රණවීර, උදේශිකා ප්‍රබෝධනී, අචිනි කුලසූරිය, සුගන්දිකා කුමාරි, අනුෂ්කා සංජීවනී, කාව්‍යා කාවින්දි, සචිනි නිසංසලා

Trending

Exit mobile version