දඹුල්ල ක්‍රිකට් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය අසල නොසන්සුන්කාරී තත්ත්වයක් අද (19) පස්වරුවේදී ඇති වී තිබේ.
අද පැවැත්වෙන ඇෆ්ඝනිස්ථානය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවැනි පන්දුවාර විස්සයි 20 තරගය සඳහා ප්‍රවේශ පත්‍ර ඉල්ලමින් ක්‍රීඩා ලෝලීන් එහි තිබූ තාවකාලික යකඩ වැටවල් පවා බිඳ දමා යාම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවී තිබේ.
කෙසේවෙතත්, මීට පෙර නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා තිබුණේ දෙවැනි හා තෙවැනි තරග දෙක සඳහා වන සියලුම ප්‍රවේශපත්‍ර මේ වන විටත් අලෙවි වී අවසන් බවයි. එබැවින් කොළඹ හා දඹුල්ල ප්‍රවේශපත්‍ර කවුලු වෙත පැමිණීමෙන් වැළකී සිටින ලෙස එම නිවේදනයේ වැඩිදුරටත් ඉල්ලා තිබුණි.