ක්‍රීඩා

තෙවැනි එක්දින තරගය අත්හැර දැමේ

Published

on

වර්ෂාව හේතුවෙන්, ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර අද (19) ආරම්භ වූ තුන්වැනි සහ අවසන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය අත්හැර දැමීමට තීරණය කෙරුණි.

ඒ අනුව තරගාවලිය 2 – 0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.

කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි අතර, පන්දුවාර 21ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 112ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය.

මෙය ශ්‍රී ලංකාව 2024 වසරේදී ජයගෙන ඇති පස්වැනි එක්දින ජාත්‍යන්තර තරගාවලියයි.

Trending

Exit mobile version