ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කිරීමට නියමිතව සිටි පැතුම් නිස්සංක උණ රෝගයෙන් පෙළීම නිසා රෝහල්ගත කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් X ගිණුමේ දැක්වෙන්නේ ඔහුට ‘ඩෙංගු’ උණ වැළදී ඇති බවට සැක කරන බවයි.
මේ හේතුවෙන් සිම්බාබ්වේ පිලට එරෙහිව හෙට (06) ඇරඹෙන එක්දින ජාත්‍යංන්තර තරගාවලිය ඔහුට අහිමි වන බවත්, තේරීම් කමිටුව විසින් පැතුම් වෙනුවට ෂෙවොන් ඩැනියල් නම් කර ඇති බවත් එහි වැඩිදුරටත් දැක්වේ.