Connect with us

ක්‍රීඩා

ලංකාව අපරාජිතව තවත් ඉදිරියට; කොදෙව්වෝ කඩුලු 8කින් පරදවයි

Published

on

2023 අයිසීසී ලෝක කුසලානයට අදාළ සුදුසුකම් ලැබීමේ තරග වටයේ සුපිරි හයදෙනාග‌ේ තරගවටයේ අද (07) පැවති තරගයෙන් ශ්‍රී ලංකාව කොදවේවෝ කඩුලු 8කින් පරදා විශිෂ්ට ජයක් ලබා ගැනීමට  සමත් විය.

මේ අනුව ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ මෙතෙක් සහභාගිවූ තරග නමයම ජය ගැනීමට සමත්වීම විශ‌ේෂ සිද්ධියකි.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක, පළමුව පන්දුවට පහර දීම සඳහා කොදෙව් නායක ශෙයි හෝප්ට ආරාධනා කළේ ය.

ඒ අනුව මුලින්ම පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට පන්දුවාර 48.කදී සියලුදෙනා දැවී රැස් කළ හැකිවූයේ ලකුණු 243ක් පමණි.

කොදෙව් ඉනිමේ නැංගුරම බවට පත් වූ කීසි කාති පන්දු 96කින් අගනා ලකුණු 87ක් ලබා ගැනීමට සමත් විය.

ඔහුගේ ඉනිමට අලංකාර හතරේ පහර 6ක් එක් හයේ පහරක් අන්තර්ගත වූ අතර, කොදෙව් ඉනිමට සවියක් වූ අනෙක් පිතිකරු ලෙස ජොන්සන් චාල්ස් ලකුණු 39ක් ලබා ගත්තේ ය.

පන්දු යැවීමේ දී මහීෂ් තීක්ෂණ ලකුණු ලකුණු 34කට කඩුලු හතරක් දවා ගැනීමට සමත් වූ අතර, දිල්ශාන් මධුසංක, දසුන් ශානක, මතීෂ පතිරණ හා සහන් ආරච්චිගේ එක් කඩුල්ල බැගින් දවා ගත්තේය.

සිය මංගල එක්දින තරගය ක්‍රීඩා කළ දුෂාන් හේමන්ත ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු දෙකක් ලබා ගත්තේ ය.

පිළිතුරු ඉනිම සඳහා පැතුම් නිස්සංක සහ දිමුත් කරුණාරත්න පිටියට පිවිසි අතර, ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල සඳහා ලකුණු 192ක අගනා සම්බන්ධතාවයක් ගොඩනගමින් ශ්‍රී ලංකා ජයග්‍රහණයට අඩිතාලම දමා දුන්නේය.

පැතුම් නිස්සංක හතරේ පහර 14ක් සමඟ අගනා ශතකයක් ලබා ගැනීමට සමත් වූ අතර, ඒ සඳහා ඔහු වැය කළේ පන්දු 113කි.

පැතුම්ගේ දැවී යාමෙන් පසු දිමුත් කරුණාරත්නට ද වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට නො හැකි වූ අතර, ඔු ලකුණු 83ක් කට දැවී ගියේය.

කෙසේවුවද, පන්දුවාර 44.2කදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 244ක් රැස්කරගනිමින් තරගයේ ජය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

ලකුණු පුවරුව

ක්‍රීඩා

ලිවර්පූල් ක්‍රීඩක ඩියෝගෝ මෝටර් රථ අනතුරකින් මරුට

Published

on

By

ලිවර්පූල් පාපන්දු කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩක 28 හැවිරිදි ඩියෝගෝ ජෝටා ද සිල්වා මෝටර් රථ අනතුරකින් මියගොස් තිබේ.

මෙම අනතුර සිදුව ඇත්තේ අද (03) අළුයම ස්පාඤ්ඤයේ සැමෝරා පළාතේ දීය.

අනතුරින් ඔහුගේ සහෝදරයා වන පෘතුගාල ඉදිරිපෙළ ක්‍රීඩක 26 හැවිරිදි ඇන්ඩ්‍රේ ද සිල්වා ද මියගොස් ඇත.

ඔවුන්ගේ ලැම්බෝගිනි වර්ගයේ මෝටර් රථය තවත් වාහනයක් පසුකර යාමේදී ටයරයක් පුපුරා යාම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට විසිවී පසුව ගිනිගෙන ඇති බව සඳහන් වේ.

ඩියෝගෝ, විරූට් කාර්ඩෝසෝ සමග විවාහ වූයේ මේ වසරේ ජුනි 22දා ය. ඔවුන් දෙදෙනා හට දරුවන් තිදෙනෙකු සිටියි. විදෙස් මාධ්‍ය පවසන්නේ ඔවුන්ගේ විවාහ උත්සවයේ නිල වීඩියෝ පටය, මෙම අනතුරට පැය කිහිපයකට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ මුදාහැර ඇති බවය.

ඩියෝගෝ, පසුගිය ප්‍රිමියර් ලීග් ශූරතාව ලිවර්පූල් කණ්ඩායමට දිනාදීමට බෙහෙවින් දායක වූ ක්‍රීඩකයෙකු ලෙස සැලකේ.

Continue Reading

ක්‍රීඩා

බංග්ලාදේශයට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ජය

Published

on

By

බංග්ලාදේශයට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව ඊයේ (02) ලකුණු 77 කින් ජය ගත්තේ ය.

වනිදු හසරංග ලකුණු 10කට කඩුලු 4ක් දවා ගත්තේ ය.

කමිඳු මෙන්ඩිස් ලකුණු 19ට කඩුලු 3යි.

ලකුණු 245ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශයේ සියලු දෙනා ලකුණු 167කට දැවී ගියේ ය. 

Continue Reading

ක්‍රීඩා

ශ්‍රී ලංකා ඉනිම ලකුණු 244කට සීමා වෙද්දී චරිත්ගෙන් ශතකයක්

Published

on

By

බංග්ලාදේශයට එරෙහිව අද (02) පැවැත්වෙන පළමු එක්දින තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 49.2කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 244ක් පමණි.

ජාත්‍යන්තර එක්දින පිටියේ සිය 5වන ශතකය රැස්කිරීමට ශ්‍රී ලංකා නායක චරිත් අසලංක සමත් විය.

ඊට අමතරව කුසල් මෙන්ඩිස් (45), ජනිත් ලියනගේ (29), මිලාන් රත්නායක (22) හා වනිඳු හසරංග (22) පිත්තෙන් දක්ෂතා දැක්වූහ.

බංග්ලාදේශය වෙනුවෙන් ටස්කින් අහ්මඩ් (4/47) හා තන්සිම් හසන් (3/46) පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වීමට සමත් විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved