Connect with us

පුවත්

ලොව ධනවත්ම හිඟන්නා ඉන්දියාවෙන්!

Published

on

ලොව ධනවත්ම හිඟන්නා ඉන්දියාවේ මුම්බායි නගරයේ ජීවත්වන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

භාරත් ජයින් ගේ වත්කම් වල වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 7.5ක් බවත්, ඔහු මසකට ඉන්දීය රුපියල් 60,000 – 75,000ක් පමණ උපයන බවත් ඉන්දීය මාධ්‍ය වල දැක්වේ.

ඔහුට මුම්බායි හි ඉන්දීය රුපියල් කෝටි 1.2ක් වටිනා මහල් නිවාසයක්ද, මසකට රු. 30,000කට කුලියට දෙන කඩකාමර දෙකක්ද ඇති බව වාර්තා වේ.

ජයින් දෙදරු පියෙකි.

ක්‍රීඩා

ශ්‍රී ලංකා කාන්තා පිල ස්කොට්ලන්තයත් පරදවයි

Published

on

By

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ ස්කොට්ලන්තයට එරෙහිව පැවති තරගය ශ්‍රී ලංකාව කඩුලු 10කින් ජය ගැනීමට සමත් විය.

අබුඩාබිහිදී පැවති මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් ස්කොට්ලන්ත කණ්ඩායමේ සියලු දෙනා පන්දුවාර 18.1කදී ලකුණු 94ක් රැස් කිරීමට සමත් විය.

ලකුණු 95ක පහසු ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 10.1කදී කිසිවකු නොදැවී නියමිත ඉලක්කය පසු කළහ.

කවීෂා දිල්හාරි ලකුණු 13ට කඩුලු 4ක් දවා ගත්තාය.

ඉනෝෂි ප්‍රියදර්ෂණී කඩුලු 3යි.

නායක චමරි අතපත්තු නොදැවී ලකුණු 59යි.

විශ්මි ගුණරත්න නොදැවී ලකුණු 24ක් රැස් කළා ය.

Continue Reading

පුවත්

මෛත්‍රීගේ කොරියා ගමන ගැන නිවේදනයක්!

Published

on

By

තමන් ‍දකුණු කොරියාවේ පදිංචියට යන බවට පළවන වාර්තා අසත්‍ය බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ තමන්ට දකුණු කොරියාවේ හෝ ලෝකයේ කිසිදු රටක පදිංචියට යාමට අවශ්‍යතාවක් නොමැති බවය.

නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙන්නේ දේශපාලන ප්‍රතිවාදීන් විසින් ගෙනයන මෙවැනි ආකාරයේ අසත්‍ය ප්‍රචාර තරයේ ප්‍රතික්ෂේප කරන බවය.

අධිකරණයෙන් වාරණ නියෝගයක් පවතින බැවින් පක්ෂයේ බලයලත් නිලධාරීන් විසින් ගම්පහ නගර සභා භූමියේ දී ලෝක කම්කරු දිනය සාර්ථකව පැවැත්වීමට සියලු කටයුතු මේ වන විටත් සංවිධානය කර ඇති බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා සිය නිවේදනය මගින් වැඩිදුරටත් දැනුම් දී තිබේ.

මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

Continue Reading

පුවත්

පොලිසියේ විනය ගැන නිර්දේශ පොලිස්පතිට

Published

on

By

පොලිස් නිලධාරීන්ගේ විනය පරීක්ෂණ ප්‍රමාද වීම සම්බන්ධයෙන් විසඳුම් සහ නිර්දේශ ඉදිරිපත් කරමින් සකස් කරන ලද කමිටු වාර්තාව පොලිස්පතිවරයා වෙත බාර දී තිබේ.

විනය පටිපාටිය කඩිනම් කිරීම සහ පරිපාලන ගැටලුවලට විසඳුම් සහ නිර්දේශ ඉදිරිපත් කරමින් සකස් කරන ලද කමිටු වාර්තාව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත බාර දී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

පොලිස් නිලධාරීන්ට එරෙහි විනය කාර්ය පටිපාටියට අදාළ පරීක්ෂණ සඳහා දීර්ඝ කාලයක් ගතවීම හේතුවෙන් නිලධාරීන්ගේ වැටුප් වර්ධක, දීමනා සහ උසස් වීම් ප්‍රමාද වීම වැනි පරිපාලන ගැටලු සම්බන්ධයෙන් සොයා බලා ඊට අදාළ විසදුම් යෝජනා කිරීම සඳහා නැගෙනහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කර කෙරුණි.

විනය හා කල්ක්‍රියා හා නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නීතීඥ රුවන් ගුණසේකර, නියෝජ්‍ය පොලිස්පති නීතීඥ ජාලිය සේනාරත්න, මානව සම්පත් කළමනාකරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර සහ විනය හා කල්ක්‍රියා කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සිල්වා යන මහත්වරුන් අදාළ කමිටුවට ඇතුළත්ය.

කමිටුවේ නිර්දේශයන් කඩිනමින්  ක්‍රියාත්මක කිරීමට නියමිත බව ද පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කළේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved