Connect with us

ක්‍රීඩා

ලංකාව හා තරගවලින් කෝලි, ෂර්මා හා රාහුල් විවේක ගන්වයි!

Published

on

ශ්‍රී ලංකාව සමගින් පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ විස්සයි විස්ස තරග වලදී ඉන්දීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යාට හිමිවී ඇත.

තරගාවලියට සහභාගි වන විස්සයි විස්ස හා ඒක්දින සංචිත ඊයේ (27) රාත්‍රී නම් කලේය. 

එහි විස්සයි විස්ස තරගාවලියේදී අත්දැකීම් සහිත ක්‍රීඩකයින් වන විරාත් කෝලි, රෝහිත් ෂර්මා හා කේ.එල්. රාහුල් විවේක ගන්වා ඇති අතර සංචිතයේ  උප නායකත්වය ප්‍රහාරාත්මක පිතිකරු සූර්යකුමාර් යාදව්ට හිමිවී ඇත.

මෙහිදී කඩුළු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් කණ්ඩායමෙන් ඉවත් කර ඇති අතර ඒ වෙනුවට ප්‍රහාරාත්මක පිතිකරු ඉෂාන් කිෂාන් නැවතත් කණ්ඩායමට කැඳවා ඇත.

එමෙන්ම විස්සයි විස්ස සංචිතයට රුටුරාජ් ගායික්වාද්, සංජු සැම්සන්, උම්රාන් මලික්, ෂිවම් මාව, මුකේෂ් කුමාර් වැනි ක්‍රීඩකයින්ද ඇතුලත්ව ඇත.

කෙසේ වෙතත් එක්දින සංචිතයට විරාත් කෝලි හා කේ.එල්. රාහුල් ඇතුලත්ව ඇති අතර ආරම්භක පිතිකරු ෂිකර් ධවාන් හා රිෂාබ් පාන්ට් කණ්ඩායමෙන් ඉවත් කර ඇත. මෙම තරගාවලියේ නායකත්වය රෝහිත් ෂර්මාට හිමිවද්දී උපනායකත්වය හිමිවී ඇත්තේ හර්දික් පාණ්ඩ්‍යාටයි.

තරග 3 කින් යුත් විස්සයි විස්ස තරගාවලිය එළඹෙන ජනවාරි තෙවැනිදා මුම්බායි හිදී ආරම්භ වේ. ඉන් අනතුරුව තරග 3 කින් යුත් එක්දින තරගාවලිය ජනවාරි 10 වැනිදා ආරම්භ වේ.

විස්සයි විස්ස තරගාවලියට සහභාගි වන ඉන්දීය සංචිතය
හර්දික් පාණ්ඩ්‍යා (නායක), ඉෂාන් කිෂාන්, රුටුරාජ් ගායික්වාද්, ෂුබ්මාන් ගිල්, සූර්යකුමාර් යාදව් (උපනායක), දීපක් හූඩා, රාහුල් ත්‍රිපාති, සංජු සැම්සන්, වොෂිංටන් සුන්දර්, යුස්වේන්ද්‍ර චහාල්, ආක්සාර් පටෙල්, අර්ෂ්දීප් සිං, හර්ෂාල් පටෙල්, උම්රාන් මලික්, ෂිවම් මාවි, මුකේෂ් කුමාර්

ඒක්දින තරගාවලියට සහභාගි වන ඉන්දීය සංචිතය
රෝහිත් ෂර්මා (නායක), ෂුබ්මාන් ගිල්, විරාත් කෝලි, සූර්යකුමාර් යාදව්, ෂ්‍රෙයාස් අයියර්, කේ.ඒල්. රාහුල්, ඉෂාන් කිෂාන්, හර්දික් පාණ්ඩ්‍යා (උපනායක), වොෂිංටන් සුන්දර්, යුස්වේන්ද්‍ර චහාල්, කුල්දීප් යාදව්, ආක්සාර් පටෙල්, මොහොමඩ් ෂාමි, මොහොමඩ් සිරාජ්, උම්රාන් මලික්, අර්ෂ්දීප් සිං

ක්‍රීඩා

IPL අත්හිටුවයි

Published

on

By

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය අත්හිටුවීමට එහි තරග සංවිධායකයින් තීරණය කර තිබේ.

ඉන්දියාව සහ පාකිස්තාන දේශසීමා ආසන්නයේ ඇතිවී තිබෙන යුද උණුසුම මධ්‍යයේ මෙම තීරණය ගෙන ඇති බව ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කළේය. 

Continue Reading

ක්‍රීඩා

රෝහිත් ශර්මා ටෙස්ට් පිටියට සමුදෙයි

Published

on

By

ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක රෝහිත් ෂර්මා ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර ඇත.

සිය තීන්දුව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත් කළ ශර්මා පවසා ඇත්තේ ටෙස්ට් සුදු ඇඳුමින් සැරසී සිය රට නියෝජනය කිරීමට ලැබීම ගෞරවයක් බවයි.

කෙසේවෙතත්, තමා තවදුරටත් එක්දින ජාත්‍යන්තර තරග වල ක්‍රීඩා කරන බවද ඔහු පවසා ඇත.

2024 වසරේ පැවති විස්සයි20 ලෝක කුසලානයෙන් අනතුරුව ඔහු T20 ජාත්‍යන්තර තරග බිමෙන්ද විශ්‍රාම ගියේය. 

මේ වනවිට 38වන වියේ පසුවන රෝහිත් ටෙස්ට් තරග 67ක ඉනිම් 116කදී ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩාකර ඇත. එහිදී ලකුණු 4301ක් රැස්කර ඇති රෝහිත්, ශතක 12ක් හා අර්ධ ශතක 18ක් වාර්තාකර තිබේ.

Continue Reading

ක්‍රීඩා

එක්දින ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව ඉදිරියට

Published

on

By

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ප්‍රකාශයට පත්කළ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව 4 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබේ.

අවසන් වරට ඉකුත් පෙබරවාරි මස සිදුකල ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකාව රැදී සිටියේ 5වන ස්ථානයේය.

මෙහි පෙරමුණ ඉන්දියාවට හිමිව ඇත.

ඊට අමතරව දෙවැනි ස්ථානය නවසීලන්තයටත්, තෙවන ස්ථානය  ඔස්ට්‍රේලියාවටත් හිමිව තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved