ක්‍රීඩා

ශුරයන්ගේ කුසලානය ඉන්දියාවට

Published

on

2025 ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජය හිමිකර ගැනීමට ඉන්දියානු කණ්ඩායම ඊයේ (09) සමත් විය.

ඒ කඩුළු 04කින් නවසීලන්ත කණ්ඩායම පරාජයට පත් කරමිනි.

ඉන්දීය කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කලේය.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සිය පන්දුවාර 50 තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 251 ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 49 ක් අවසනයේ ලකුණු 254 ක් ලබා ගනිමින් සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් විය.

Trending

Exit mobile version