ක්‍රීඩා

ආසියානු කාන්තා ක්‍රිකට් රිදී පදක්කම ලංකාවට

Published

on

චීනයේදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රිදී පදක්කම දිනා ගැනීමට චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (25) සමත් විය.

ඒ අනුව ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම එහි රන් පදක්කම දිනාගැනීමට සමත් විය.

චීනයේ හංග්ජෝව් නුවර පැවැති අවසන් මහා තරගයේ කාසිය වාසිය දිනු ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 116කි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 97ක් පමණි.

ඒ අනුව අද පැවැති අවසන් මහ තරගයෙන් ඉන්දීය ක්‍රීඩකඩිකාවෝ ලකුණු 19 කින් ජය ලැබීමට සමත් වූහ.

ඉන්දීය කාන්තා ක්‍රිකට් පිල ඕවර 20 කදී කඩුලු 7 ට ලකුණු116 (ස්ම්රිටි මන්දානා 46, ජෙමීමා රොද්‍රිගුස් 42, උදේෂිකා ප්‍රබෝදනී 16/2, සුගන්දිකා කුමාරි 30/2, ඉනෝකා රණවීර 21/2)

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ඕවර 20 කදී කඩුලු 8 ට 97 (චමරි අතපත්තු 12, හසිනි පෙරේරා 25, නිලක්‍ෂි ද සිල්වා 23, ඕෂදී රණසිංහ 19, ටිටාස් සධූ 6/3, රාජේෂ්වරී ගයක්වාඩ් 20/2)

කෙසේවෙතත් චීනයේදී පැවැත්වෙන 2023 ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව ලබා ගත් පළමු පදක්කම මෙය වේ.

Trending

Exit mobile version