ක්‍රීඩා

කාන්තා T-20 ලෝක කුසලාන කාල සටහන එළිදක්වයි

Published

on

එංගලන්තයේ පැවැත්වීමට නියමිත 2026 විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ තරග කාල සටහන ඊයේ (18) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කිරීම සිදුවිය.

මෙම තරගාවලියේදී කණ්ඩායම් 12ක් මෙවර තරගාවලියට කාණ්ඩ දෙකක් යටතේ සහභාගී වන අතර ක්‍රීඩාංගණ 7කදී තරග පැවැත්වීමට නියමිතය. 

මෙහිදී ‘ඒ’ කාණ්ඩයෙන් ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, ඉන්දියාව, පාකිස්තානය සහ සුදුසුකම් ලබන කණ්ඩායම් දෙකක් ද, ‘බී’ කාණ්ඩයෙන් බටහිර ඉන්දීය කොදෙව්, එංගලන්තය, නවසීලන්තය, ශ්‍රී ලංකාව සහ සුදුසුකම් ලබන කණ්ඩායම් දෙකක් මෙහි අන්තර්ගත වෙයි.

කණ්ඩායම් 6කින් සමන්විත කාණ්ඩවල මූලික වටයේ තරගවලින් අනතුරුව එක් එක් කාණ්ඩයන්හි ඉහළම ප්‍රසාද ලකුණු හිමිකරගන්නා කණ්ඩායම් යුගලය අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබයි.

ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ ජුනි 12 වැනිදා ආරම්භක තරගයේදී සත්කාරක එංගලන්ත කාන්තා කණ්ඩායම සමග එඩ්ග්බැස්ටන් හි දී තරග වැදීමට නියමිතය. 

එසේම ජුනි 16 වැනිදා ශ්‍රී ලංකාව නවසීලන්ත කණ්ඩායම සමග හැම්ෂයර් බෝල් ක්‍රීඩාංගණයේදීත්, ජුනි 21 වැනිදා ශ්‍රී ලංකාව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග බ්‍රිස්ටල් ප්‍රාන්ත ක්‍රීඩාංගණයේදීත් පැවැත්වෙන අතර ජුනි 23 වැනිදා සහ 26 වැනිදා සුදුසුකම් ලබන කණ්ඩායම් සමග තරග පැවැත්වේ.

තරගාවලියේ අවසන් පූර්ව තරග ජුනි 30 වැනිදා සහ ජූලි 2 වැනිදා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. අවසන් මහා තරගය ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ජූලි 5 වැනිදා පැවැත්වීමට නියමිතය.

Trending

Exit mobile version