ක්‍රීඩා

ගයන්තිකා ලෝක ශූරතා මළල ක්‍රීඩා තරඟාවලියෙන් ඉවතට

Published

on

ලෝක ශූරතා මළල ක්‍රීඩා තරඟාවලියේ මීටර්1500 කාන්තා ඉසව්වෙන් ඉවත් වීමට ගයන්තිකා අබේරත්න තීරණය කර තිබේ.

ඒ වෙනුවට සැප්තැම්බර් අගදී ආරම්භ වන ආසියානු ක්‍රීඩා උළෙල කෙරෙහි අවධානය යොමු කරමින් ආසියානු මළල ක්‍රීඩා උළෙලේ පුහුණු වීම් වලට ප්‍රමුඛත්වය ලබාදීමට ඇය තීරණය කර ඇත.

ගයන්තිකා අබේරත්න පසුගිය මැයි මාසයේ ජපානයේ පැවති මිචිතකා අනුස්මරණ ජාත්‍යන්තර ශ්‍රේණි ගත කිරීමේ මළල ක්‍රීඩා තරගාවලියේ මීටර 800 කාන්තා ඉසව්ව, විනාඩි දෙකයි තත්පර හතරයි දශම දෙකයි හයකින් නිමා කරමින් ප්‍රථම ස්ථානය දිනාගනු ලැබුවාය.

එමෙන්ම ගයන්තිකා මීටර් 800 කාන්තා ඉසව්වේ ජාතික වාර්තාවටද හිමිකම් කියන අතර ඇයගේ හොදම කාලය ලෙස විනාඩි 2යි තත්ත්පර 1යි දශම 2ක කාලයක් සටහන් කර ඇත.

Trending

Exit mobile version