ක්‍රීඩා

පළමු ටෙස්ට් තරගයේ ජය පකිස්තානයට

Published

on

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පැවති පළමු තරගය කඩුලු 4කින් ජය ගැනීමට සංචාරක පාකිස්තාන කණ්ඩායම සමත් විය.
ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබු ලකුණු 131, කඩුලු 6ක් පමණක් දැවී රැස්කිරීමට පාකිස්තාන ක්‍රීඩකයෝ සමත් වූහ.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 312ක් ලබාගත් අතර ඊට පිළිතුරු ලෙස පාකිස්තානය ලකුණු 461ක් රැස් කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා රැස්කළේ ලකුණු 279ක් පමණි.

පාකිස්තානය අවසන් වරට ටෙස්ට් තරගයක් ජය ගෙන තිබුණේ මීට හරියටම වසරකට පෙරදීය.

Trending

Exit mobile version