ක්‍රීඩා

පාපන්දු පිටියට ටෙඩී බෙයාර් වැස්සක් (වීඩියෝ)

Published

on

තුර්කි සුපර්ලීග් පාපන්දු තරගාවලියට අයත් තරගයක් පසුගිය ඉරිදා බෙසික්ටාස් පාපන්දු කණ්ඩායම සහ ඇන්ටලියාස්පෝර් කණ්ඩායම අතර ස්ථාන්බුල් අගනුවර Vodafone Park ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණි.

මෙහි විශේෂත්වය වූයේ පසුගිය 06දා තුර්කියේ සහ සිරියාවේ සිදු වූ භූමිකම්පා වලින් විපතට පත්වූ දරුවන්ට පරිත්‍යාග කිරීම සඳහා ටෙඩි බෙයාර් ඇතුළු පුළුන් පිරවූ සෙල්ලම් බඩු දහස් ගණනක් පාපන්දු පිටියට විසිකිරීමට එහි රැස්වූ ප්‍රේක්ෂකයන් කටයුතු කිරීමයි.

මෙම භූකම්පන වලට බිලිවූ ජීවිත ප්‍රමාණය මේ වන විට 50,000 ඉක්මවා තිබේ.

(වීඩියෝ : බීබීසී)

Trending

Exit mobile version