Connect with us

ක්‍රීඩා

මැම්බර් අදින රන්ජන් විෂිෂ්ඨතම ක්‍රීඩා මාධ්‍ය සම්මානයකට පාත්‍ර වෙයි

Published

on

‘සිල්ක් ස්පෝර්ට්ස්’ 8 වැනි සම්මාන උළෙලේදී ක්‍රීඩා පුවත්පත් කලාවට විශිෂ්ඨ දායකත්වයක් ලබාදුන් බර්නි විජේසේකර සිල්ක් සම්මානය ශ්‍රී ලංකා මිරර් හි රන්ජන්ගේ මැම්බර් කාටුනයේ නිර්මාන හිමිකරු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රන්ජන් පරණවිතාන මහතාට හිමිය.

මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ දස්කම් දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගැයීම වෙනුවෙන් වසර 2015 දී ආරම්භ වූ මෙම සම්මාන උළෙල මධ්‍යස්ථ විනිසුරු මණ්ඩලයක් විසින් නිර්දේශ කරනු ලබන නාමයෝජනා අතුරින් මහාචාර්ය රියර් අද්මිරාල් ශෙමාල් ප්‍රනාන්දු මහතාගේ සහ ආචාර්ය හර්ෂ බී. අබේකෝන් මහත්වරුන්ගේ සම සභාපතිත්වයෙන් යුතු විශේෂ ජූරි සභාවකින් සිල්ක් ස්පෝර්ට්ස් සම්මානලාභීන් තෝරා ගැනීම සිදුවේ.

 මෙම සම්මාන උළෙල්දී ප්‍රධාන ක්‍රීඩා සම්මාන 8ක් පිරිනැමුණු අතර සිල්ක් ජීවිතකාලීන ජයග්‍රහණ සම්මානය පිරිනැමුණේ ශ්‍රී ලංකා පළමු ලෝක කුසලාන ක්‍රිකට් නායක අනුර තෙන්නකෝන් මහතාටය.

රන්ජන් අයියාට මොකෝ මේ සම්මාන…

මේ අතර, රන්ජන් පරණවිතාන මහතා මේ සම්මාන උළෙලේදී මෙසේ ඇගයීමට ලක්වීමට හේතුවූ කරුණු ගැන ප්‍රවීන ක්‍රීඩා මාධ්‍යකරුවකු වන නිශ්මං රණසිංහ විසින් සටහන් තබා තිබුණේ මෙසේය.

අන්නාසි මාමා යනු ක්‍රීඩා මාධ්‍ය කලාව තුළ අතිශයින්ම ජනප්‍රිය වූ කොළමකි.ඒහි ලිවිම් අතිශයින්ම සියුම්ය.සියුම් ආකාරයට පතුලටම කිදා බසින සේ පහුරු ගෑම සමත් ඒ ලිවීම් මේ කාලයේ නිහඬව තිබෙන්නේ ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණිෂ්ඨ ජාතික තේරීම් කමිටු සාමාජිකයෙක් සේ භාර දූර වගකීමක නියැලෙන බැවිනි.

ක්‍රිකට් ක්‍රීඩකයෙක්,මලල ක්‍රීඩකයෙක්,පාපන්දු ක්‍රිඩකයෙක් ආදී බොහෝ ක්‍රීඩා විෂයන් හි නියැලි අන්නාසි මාමා,ක්‍රිකට් ක්‍රීඩකයෙක් හැටියට දිගට ක්‍රියාත්මක විය.ක්‍රිකට් පුහුණුකරුවෙක් හැටියට ද ක්‍රිකට් ක්‍රීඩා කරන අවධියේම ක්‍රියාත්මක වූ රංජන් පරණවිතාන දුලිප් ලියනගේ ගේ සිට කළුතරින් පැමිණි බොහෝ ක්‍රීඩකයින් පිටුපස සිටි දැවන්ත ශක්තිය විය.
ජනමාධය කලාවට ඔහුගේ ප්‍රවේශය කතා කරුවෙක් සහ චිත්‍ර ශිල්පියෙක් විදිහටය.අපූරු රසවත් ලියන්නෙක් මෙන්ම අඳින්නෙක් ද වන අන්නාසි මාමා කාටුන් කලාවේද අති දක්ෂයෙක්ය.අන්නාසි මාමාගේ නම ඒළියට එන්නේම කොළමට පසුව ඔහුගේ ජනප්‍රිය රංජන්ගේ මැම්බර් හරහා ය.ඒ හැරෙන්ට ඔහුට ප්‍රවාත්ති මාධ්‍යයේද පෑන සහ කැමරාව දෙකම හොඳට හුරුය.

පසුව ක්‍රිඩා මාධ්‍යවේදියෙක් ලෙස මෙන්ම ක්‍රීඩා සංස්කාරකවරයෙක් ලෙස ලක්බිම පුවත්පත හරහා මේ රටේ තීරණාත්මක මැදිහත්වීමක් ක්‍රීඩාව වෙනුවෙන් කරන්නට මඟ පෙන්වූ රංජන් පරණවිතාන නොහොත් අන්නාසි මාමාට හැකි විය.ක්‍රීඩා මාධ්‍ය කලාවේ දී රංජන් ගේ ඇල්ම බැල්ම හැම ක්‍රීඩාවකටම වැටුණු අතර ඒ ක්‍රීඩාවන් ගැන තිබුණ ප්‍රමාණාත්මක දැණුම නිසා ද ඔහුගේ පිටුවල ලියැ වි ක්‍රිඩා තාර්කිකව සහ ක්‍රීඩාවේ තාක්ෂණික පැත්තෙන් ද පෝෂණය වි තිබුණේය.එහි මඳ හෝ අඩුවක් තිබුණහොත් එය පෝෂණය කළ යුත්තේ කෙසේද කියන්නට ද ඔහු දැන උන්නේය.

ඔහුගේ පිටු සංස්කරණය ඇතුළත බොහෝ දක්ෂයන්ට, ලංකාවේ විවිධ ක්‍රීඩාවල නිසි තැන් ලබන්නට,නිසි අවස්ථාවන් දින‌ා ගන්නට සමත් වූ වාර සුවිශාලය.සුවිශේෂය.මේ සියල්ල සළකා මෙවර සිල්ක් සම්මාන උළෙලේදී ජීවිතයේ ඒක් වරක් පමණක් දිනා ගත් හැකි ක්‍රීඩා මාධ්‍යවේදීන් වෙනුවෙන් පිරිනැමෙන සම්මානය රංජන් පරණවිතානට පිරිනමන්නට යෙදිණි.ස්ර්,මිස්ටර් කෑලිවලට අකමැති රංජන් බොහෝ විට තමන්ගේ යටතේ සිටින සියලු මාධ්‍යවේදීන්ගේ අයියා ය.සමහර විට ඔහු සමාජයටම අයියා කෙනෙකි.පැහැදිළිවම ඔහුට වඩා වයස අය ද රන්ජන් අයියා කියන්නේ එය ඔහුව හඳුන්වන ගෞරවාර්ථ පදයක් සේ සළකා ය.

වයසට යන්නෙ නැති පෙණුම මෙන්ම දැණුමද හැමවිටම තාරුණ්‍යයේ රඳවා ගන්නට සමත් රන්ජන් පරණවිතානගේ අනාගත භාවිතාවන් ලංකාවේ ක්‍රිකට් ප්‍රමුඛ සියලු ක්‍රීඩාවන්ට මඟ පෙන්වන තරු වැලක් වේවා යන්න අපේ පැතුමය.

වීඩියෝ අනුග්‍රහය – අද දෙරණ

ක්‍රීඩා

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට

Published

on

By

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලෝක කුසලාන 20යි 20 ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගන්නා ලදී.

ඒ ඊයේ (05) පැවති සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍ය කාන්තා කණ්ඩායම ලකුණු 15කින් පරාජයට පත් කිරීමත් සමඟය.

අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය තරග වැදීමට නියමිතය.

ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය යන කණ්ඩායම් දෙකම මෙම වසරේ බංග්ලාදේශයේ පැවැත්වීමට නියමිත කාන්තා 20යි 20 ලෝක කුසලාන තරගාවලිය ට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

මේ අතර ඊයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 149ක් ලබා ගත් අතර,

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් විශ්මි ගුණරත්න ලකුණු 45ක් ලබා ගැනීමට සමත්වූවාය.

පිළිතුරු ඉනිම සඳහා පහරදුන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කාන්තා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලබාගත හැකිවුයේ ලකුණු 134ක් පමණි.

ඒත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 15ක ජයක් හිමිවිය.

පන්දු යැවීමේ දී චමරි අතපත්තු ලකුණු 28කට කඩුලු 02ක් දවා ගත්තාය.

Continue Reading

ක්‍රීඩා

ක්‍රිකට් ක්‍රීඩක ගෙවීම් වැඩිකරයි!

Published

on

By

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගෙවීම් සියයට 100 කින් ඉහළ නැංවීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය තීරණ කර තිබේ.

නව තරග ගාස්තුව එක් එක් ක්‍රීඩකයාගේ වාර්ෂික කොන්ත්‍රාත්තුව මත පදනම්ව ඉහළ නැංවන බවත් එම ගාස්තු ඉහළ දැමීමත සමඟ ටෙස්ට් තරගයක් සඳහා ක්‍රීඩකයෙක්ට අමෙරිකානු ඩොලර් 15,000 ක් හෙවත් රුපියල් ලක්ෂ 44 කට ආසන්න මුදල් හිමිවන බවත් ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

Continue Reading

ක්‍රීඩා

යුපුන් හා නදීෂා තවත් පදක්කම් 2ක් ලංකාවට එකතු කරයි

Published

on

By

ඩුබායි රාජ්‍යයේ පැවැත්වෙන “UAE Athletics Grand prix  2024” තරගාවලියේ මීටර් 100 පිරිමි ඉසව්වේ තෙවැනි ස්ථානය දිනාගැනීට යුපුන් අබේකෝන් සමත්විය.

යුපුන් අබේකෝන් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පවසා ඇත්තේ, මිටර් 100 තරගය තප්පර 10.18 (+1.2) කින් අවසන් කිරීමට හැකිවීම ගැන තමන් මහත්සේ සතුටට පත්වන බවය.

එමෙන්ම ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ තමන්ගේ එකම බලාපොරොත්තුව පැරිස් ඔලිම්පික් උළෙල බවය. 

මේ අතර, එම තරගාවලියේ කාන්තා මීටර් 400 ඉසව්වෙන් දෙවැනි ස්ථානය දිනා ගැනීමට නදීෂා රාමනායක සමත්ව ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved