ක්‍රීඩා

ලංකාව, සුපර් සික්ස් වටයේ පළමු ජය ලබයි

Published

on

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි සයදෙනාගේ වටයේදී නෙදර්ලන්තයට එරෙහිව අද (30) පැවැති තරගයේ ජයග්‍රහණය හිමි කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ ශ්‍රී ලංකා කාණ්ඩායමට පන්දුවාර 47යි පන්දු 04ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 213ක් පමණි.

කෙසේවෙතත්, ලකුණු 214ක ඉලක්කය හඹාගිය නෙදර්ලන්තය පන්දුවාර 40ක් අවසානයේ කඩුළු සියල්ල දැවී ලබාගත්තේ ලකුණු 192ක් පමණි.

ඒ අනුව ශ්‍රී ලංකාව එම තරගය ලකුණු 21කින් ජය ගැනීමට සමත්විය.

Trending

Exit mobile version