ක්‍රීඩා

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය නම් කරයි

Published

on

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය අද (17) ප්‍රකාශයට පත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය වෙනුවෙන් නම් කළ ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත් වේ.

මෙම තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය ලබන සෙනසුරාදා (20) බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහිව රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා සංචිතය මෙසේය : චමරි අතපත්තු (නායිකා), විශ්මි ගුණරත්න, හර්ෂිතා සමරවික්‍රම, හසිනි පෙරේරා, කවීෂා දිල්හාරී, නිලක්ෂි ද සිල්වා, අනුෂ්කා සංජීවනී, සුගන්දිකා කුමාරි, උදේශිකා ප්‍රබෝදනී, අචිනි කුලසූරිය, ඉනෝෂී ප්‍රියදර්ෂනී, කාව්‍යා කාවින්දී, සචිනි නිසංසලා, ෂෂිනි ගිම්හානී හා අමා කාංචනා

Trending

Exit mobile version