සත්කාරක ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද ආරම්භ වෙයි
තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවන අතර පැතුම් නිස්සංක , ඕෂද ප්‍රනාන්දු , දිනේෂ් චන්දිමාල් , ඇන්ජලෝ මැතිව්ස් , කුසල් මෙන්ඩිස් , කමිදු මෙන්ඩිස් වැනි ක්‍රීඩකයින් සංචිතයට ඇතුළත් ය.
නවක ක්‍රීඩකයන් වන සොනාල් දිනුෂ , පවන් රත්නායක , තරිදු රත්නායක , පසිදු සුරියබණ්ඩාර , ඉසිත විජේසුන්දරද 18 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයේ සිය ස්ථානය තහවුරු කරගෙන තිබේ.
ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ ක්‍රීඩා කරන අවසන් තරගය මෙයයි.
2025 – 2027 ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලිය යටතේ මෙම තරගාවලිය ක්‍රියාත්මක වෙයි.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගය අද පෙරවරු 10ට ආරම්භ කිරීමට නියමිතයි.