ක්‍රීඩා

හරීන් තවත් එකක් කියයි!

Published

on

ශ්‍රී ලංකා 20යි 20 සංචිතය සඳහා වයස අවුරුදු 25ට අඩු ක්‍රීඩකයින් තෝරා ගත යුතු බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඔහු එම අදහස් පළ කළේ ගාල්ලේ පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකාව බංග්ලාදේශය හමුවේ ඊයේ (08) ලද පරාජය පිළිබඳව අදහස් දක්වමිනි.

“ඇත්ත වශයෙන්ම කණගාටුවෙනවා අපි හොඳ කණ්ඩායමක්. අපේ සූදානමක් තිබුණා. ලංකාවේ තේරීම් කමිටුව විසින් තෝරලා තියෙන්නේ ඒ අවස්ථාවේ ලකුණු ගහපු හොඳම ක්‍රීඩකයෝ. මම දැක්කා සමහර සමාජ මාධ්‍යවල තියෙනවා ටෙස්ට් කණ්ඩායමක් 20යි 20ට දැම්මද කියලා. මෙහෙමයි තරග පරදිනකොට මිනිස්සුන්ට හරි ලේසියි ඇඟිල්ල දික්කරන්න. තරග පරදිනකොට බෙල්ල කන්නේ ඇමතිවරයාගේ. මැච් දිනනකොට ක්‍රීඩකයා, පරදිනකොට ඇමතිවරයා. ඕක තමයි ලංකාවේ සාමාන්‍ය තත්ත්වය. දින්නම ක්‍රීඩකයෝ ක්‍රීඩකයින්ගේ දේවල් තමයි උස්සගෙන යන්නේ. ක්‍රීඩකයෝ සහ ක්‍රීඩාවකට ආදරය කරන ප්‍රේක්ෂකයෝ. නමුත් පැරදුනාම සංගම්වලට, ඇමතිවරයාට, ආණ්ඩුවට තමයි කුණුහරුපෙන් බනින්නේ.”

“මේ තරගයේදී මම දැක්ක දෙයක් තමයි අන්තිම ඕවරය වෙනතුරු සටන් කළා. බොහොම පොඩි ලකුණු ප්‍රමාණයක් ගැහුවත් අන්තිම ඕවරයේදී තව එක විකට් එකක් ගියානම් අපි දිනනවා. එහෙම වුණානම් ඔය කතන්දර කියන්නේ නෑ. ඉතින් ක්‍රීඩාව අවිනිශ්චිතයි. දිනුම පැරදුම අවිනිශ්චිතයි. මම සතුටුවෙනවා ජරාම විදිහට පරදින්නේ නැතුව තරගයක් හරි දීලා එදා ලකුණු 77ක් ගහලත් ඕවර් 17ක් වෙනතුරු දකුණු අප්‍රිකානු කණ්ඩායම… ඒ විකට්වල අමුතු මේකක් තියෙනවා අපි ජීවිතේට ඒ ක්‍රීඩාංගනවල ක්‍රීඩා කරලා නෑ. නමුත් ඒක අනික් ක්‍රීඩා කණ්ඩායම්වලටත් පොදුයි. ඒ නිසා වාසනාව කියලා දෙයක් තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා ඉස්සරහාට අලුතින් හැදෙයි කියලා. මගේ පුද්ගලික විශ්වාසය 20යි 20 කණ්ඩායමට ඇත්ත වශයෙන්ම අවුරුදු 25 අඩු තරුණයෝ ඉස්සරහාට එන්න ඕනේ. අලුත් කණ්ඩායම් හැදෙන්න ඕනේ. මම හිතන්නේ මේකේන් අලුත් දෙයක් හැදෙයි කියලා විශ්වාස කරනවා. සමහර මිනිස්සු තරගයන් පැරදුන ගමන් පරණ අතීතය ඔක්කොම මතක් කර ගන්නවා. ඔහොම කලබල වෙන්න එපා… ලංකාවට මේ තත්ත්වය වෙලා තියෙන්නේ අපි ඉතාම ඉක්මනට රියැක්ට් කරන නිසා මේ ප්‍රශ්නය වෙලා තියෙන්නේ.”

Trending

Exit mobile version