වසර 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය භාරගෙන තිබුණු ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය එම කර්තව්‍යය සිදුකළ නොහැකි බව පවසා තිබේ.
මෙම තරගාවලියේ සත්කාරකත්වය වික්ටෝරියා ප්‍රාන්තය විසින් 2022 අප්‍රේල් මාසයේදී භාරගෙන තිබුණු නමුත් මේ වන විට ඒ සඳහා වූ ප්‍රක්ෂේපිත පිරිවැය දැන් තුන් ගුණයකින් වැඩිවී ඇති බවත් එය දැරිය නොහැකි බවත් වික්ටෝරියා ප්‍රාන්තය ප්‍රකාශ කර ඇත.
මේ සමග 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පිළිබඳව අවිනිශ්චිත තත්ත්වයක් ඇති වී තිබේ.
මේ තීරණය දැඩි ලෙස බලාපොරොත්තු සුන් කළ එකක් වුවද, පවතින ගැටළුවට විසඳුමක් සෙවීමට ඇපකැප වන බව පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සම්මේලනය පවසයි.