ක්‍රීඩා

දිල්ශාන් මදුශංකට ලෝක කුසලාන වරම අහිමි වෙයි

Published

on

ආබාධයකට ලක් වූ වේග පන්දු යවන ක්‍රීඩක දිල්ෂාන් මදුශංක වෙනුවට බිනුර ප්‍රනාන්දු නම් කර තිබේ.

ඒ අනුව, ඕස්ට්‍රේලියාවේ සිටින කණ්ඩායම සමග එක්වීමට බිනුර මෙරටින් පිටත් වනු ඇත.

ඊයේ දින පැවති පුහුණු තරගයේදී ඇති වූ ආබාධය සුව වීමට ඔහුට සති 4ක පමණ කාලයක් ගතවනු ඇති බවට තීරණය වීමත් සමගින් දිල්ෂාන් මදුශංක හට 2022 පන්දුවාර විස්සයි 20 තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.

නැමීබියාවට එරෙහිව අද (16) දින පැවත්වෙන ආරම්භක තරගයේදී දුෂ්මන්ත චමීර හා දිල්ෂාන් මදුශංක නව පන්දුවෙන් පන්දු යැවීම ආරම්භ කිරීමට නියමිතව තිබුණද, ඊයේ පැවති පුහුණු තරගයේදී සිය දෙවැනි පන්දුවාරයේ දී ඔහු ආබාධයකට ලක්වූ අතර, MRI ස්කෑන් පරීක්ෂාවකින් හෙළි වූයේ ඔහු quadriceps ආබාධයකට ලක්ව ඇති බවයි.

ඒ අනුව, 22 හැවිරිදි වියේ පසුවන මධුශංකට සිය කුළුදුල් ලෝක කුසලාන තරගාවලිය අහිමි විය.

Trending

Exit mobile version