ක්‍රීඩා

ෆෙඩරර් සමුගනියි

Published

on

ජගත් ටෙනිස් පිටියේ විශිෂ්ටතම ක්‍රීඩකයකු ලෙස සැලකෙන රොජර් ෆෙඩරර් අද දිනයේදී සිය වෘත්තිමය ටෙනිස් දිවියට සමුදුන්නේය.

ෆෙඩරර් සිය වෘත්තිමය ටෙනිස් දිවිය අවසන් කරන්නේ එංගලන්තයේදී පැවැත්වෙන ලේවර් කුසලානයේදී අනපේක්ෂිත ලෙස පරාජයට ලක්වීමත් සමගයි.

අවසන් වරට ටෙනිස් පිටියෙන් නික්ම ගිය 41-හැවිරිදි ෆෙඩරර් හට මුළු ප්‍රේක්ෂකාගාරයේම අත්පොලොසන් නාදය මැදයි.

ලේවර් කුසලානයේ යුගල මුලික වටයේදී යුරෝපා කණ්ඩායම නියෝජනය කරමින් රොජර් ෆෙඩරර්ගේ සගයා බවට පත්වූයේ බොහෝ විට ඔහුගේ ප්‍රතිවාදියෙකු වූ ස්පාඤ්ඤයේ රෆායල් නඩාල්. යුරෝපා කණ්ඩායමේ සෙසු සමාජිකයින් වූයේ නොවැක් ජොකොවිච් සහ ඇන්ඩි මරේ ය.

ෆෙඩරර් විසින් ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතා 20ක් ඊට විම්බල්ඩන් ටෙනිස් ශූරතා 8ක් ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතා 6ක්, අමෙරිකානු විවෘත ටෙනිස් ශූරතා 5ක් සහ ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවයක් ඊට ඇතුළත් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version