ක්‍රීඩා

Nassau County ක්‍රීඩාංගණය ගලවා ඉවත්  කරයි?

Published

on

2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් අමෙරිකාවේ නිව්යෝක්හි තාවකාලිකව ඉදි කෙරුණු  නාසා කවුන්ටි ක්‍රීඩාංගණය බෙහෙවින් අවධානයට ලක්විය.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, නාසා කවුන්ටි ලෙස නම් කරපු මේ ක්‍රීඩාංගණය ඉවත් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවයි.

ඒ, නිමාවූ ඉන්දු – අමෙරිකා තරගයෙන් අනතුරුවය.

ඩ්‍රොපිං පිච් හෙවත් පෙර සැකසූ තණතිලි තැම්පත් කිරීමේ ක්‍රමවේදයට අනුකූලව මෙම ක්‍රීඩාංගනය සකස් කර තිබූ අතර එවැනි තණතීරු 10කින් ක්‍රීඩා පිටිය සමන්විත විය.

නාසා කවුන්ටි ක්‍රීඩාංගණය සකස් කළේ ඔස්ට්‍රේලියාවේ ඇඩිලෙයිඩ් ටර්ෆ් ඉන්ටර්නැෂනල් ආයතනය විසින් වන අතර, මෙම ක්‍රීඩාංගණයේ දී එකවර ප්‍රේක්ෂකයින් 34,000 දහසකට අසුන් ගැනීමට හැකියාව තිබේ.

මෙම ක්‍රීඩාංගනයේ පළමු තරගය ලෙස පැවැත්වුණේ පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා තරඟයයි.

මීට අමතරව, තරගාවලියේ ඉන්දු – අමෙරිකා, දකුණු අප්‍රිකා – බංග්ලාදේශ සහ ඉන්දු – පකිස්ථාන තරගද ඇතුළුව තරග 8ක් නාසා කවුන්ටි ක්‍රීඩාංගනයේදී පැවැත්විය.

Trending

Exit mobile version