Connect with us

විදෙස්

ගබ්සාව, ප්‍රංශයේ ව්‍යවස්ථාපිත අයිතියක් වෙයි

Published

on

ගබ්සා කිරීමේ අයිතිය සිය ව්‍යවස්ථාවට ඇතුළත් කළ ලොව පළමු රට බවට ප්‍රංශය පත්ව ඇත.

ප්‍රංශ පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධයෙන් පැවති ඡන්දයේදී ඡන්ද 780ක් පක්ෂවද ඡන්ද 72ක් විපක්ෂවද ප්‍රකාශ වී තිබුණි.

මෙම තීන්දුව “විශ්ව පණිවිඩයක්” යැවූ “ප්‍රංශ අභිමානය” පිළිඹිබු වන බව එරට ජනපති එමැනුවෙල් මැක්‍රොන් මහතා පවසයි.

කෙසේවෙතත්, මීට ගබ්සා කිරීමට විරුද්ධ පිරිස් හා වතිකානුව මෙම පියවර දැඩි ලෙස විවේචනයට ලක්කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ගබ්සා කිරීම 1975 සිට ප්‍රංශයේ නීත්‍යානුකූල වුවත්, ජනමත විමසුම්වලින් පෙනී ගොස් ඇත්තේ ගැබ් ගැනීමක් අවසන් කිරීමේ අයිතිය සුරක්ෂිත කිරීම සඳහා ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට මහජනතාවගෙන් 85% ක් පමණ කැමැත්ත පළ කර ඇති බවයි.

පුවත්

පැපුවා නිව් ගිනියාවේ දරුණු  නායයාමක්

Published

on

By

පැපුවා නිව් ගිනියාවේ දුෂ්කර ගම්මාන හයකට බලපෑම් එල්ල කරමින් ඇති වූ නායයෑමෙන් ජීවිත රැසක් අහිමි වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඊයේ (23) සිදු වූ මෙම නායයෑමෙන් නිවාස 100කට වැඩි ගණනක් පස්වලින් සම්පූර්ණයෙන්ම යට වී ඇති බව විදෙස් වාර්තාවල දැක්වේ.

මෙහිදී සිදු වී ඇති ජීවිත හානි ගණන හෝ සුන්බුන් අතර කොපමණ පිරිසක් සිරවී ඇති ද යන්න නිශ්චිතවම තවමත් ප්‍රකාශ කළ නොහැකි බවද පැවසේ.

මෙම නායයෑම සිදු වූ  Enga නම් ප්‍රදේශයේ ආණ්ඩුකාරවරයා මාධ්‍යයට පවසා ඇත්තේ මෙය මීට පෙර සිදුනොවූ ස්වභාවික ව්‍යවසනයක් බවය.

එමෙන්ම පැපුවා නිව් ගිනියාවේ අග්‍රාමාත්‍ය James Marape පවසා ඇත්තේ, මළ සිරුරු ගොඩගැනීම සඳහා අවශ්‍ය සහන සේවා සැපයීමට සහ යටිතල පහසුකම් සඳහා අදාළ ස්ථානයට ආපදා නිලධාරීන් යොමු කර ඇති බවය.

Continue Reading

විදෙස්

පෘථිවියට බෙහෙවින් සමාන ග්‍රහයෙක්

Published

on

By

පෘථිවියට සමාන විශාලත්වයකින් යුත්, ජීවත් වීමට සුදුසු ග්‍රහලොවක් සොයා ගැනීමට, යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ තාරකා විද්‍යාඥයෝ සමත් වී සිටිති.

යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ විද්‍යාඥයන්, මෙම නව ග්‍රහලෝකය සොයාගෙන ඇත්තේ, ඇමෙරිකාවේ නාසා ආයතනය සමඟ එක් වෙමින් යැයි ද පැවැසෙයි.

යුරෝපා විද්‍යාඥයන් මෙම ග්‍රහලෝකය නම් කර ඇත්තේ, ‘ග්ලීස් 12 බී’ යනුවෙනි.

තරාකා විද්‍යාඥයන් මීට පෙර ද පෘථිවියට සමාන ග්‍රහලෝක සොයාගෙන ඇති නමුත්, ‘ග්ලීස් 12 බී’ පෘථිවියට බෙහෙවින් සමාන, ජීවත් වීමට වඩාත් සුදුසු ග්‍රහයකු බව පැවැසෙයි.

‘ග්ලීස් 12 බී’ මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 42 ක් පමණ විය හැකි බව ද තාරතා විද්‍යාඥයන්ගේ ඇස්තමේන්තුව වී තිබේ.

මෙම නව ග්‍රහලෝකය ඇත්තේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 40 ක් දුරිනි. නව ග්‍රහලෝකය දින 12.8 කට වරක්ම, එම ග්‍රහලෝකය අයත් ග්‍රහ මණ්ඩලයේ තරුවක් වටා කක්ෂගත වන බවත් විද්‍යාඥයෝ වැඩි දුරටත් පැහැදිලි කරති.

(ලංකාදීප)

Continue Reading

විදෙස්

ඉරාන ජනපතිගේ අවමංගල උත්සවය ආරම්භ වේ

Published

on

By

අභාවප්‍රාප්ත වූ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ තෙදින අවමංගල්‍ය උත්සවය අද (21) ටබ්‍රිස් නගරයේදී එරට වේලාවෙන් උදෑසන 9.30 ට ආරම්භ විය.

ඉරාන මාධ්‍ය වාර්තා කරන්නේ අවමංගල්‍ය උත්සවය අදියර කීපයකින් පැවැත්වීමට නියමිත බවය.

ජනාධිපති රයිසිගේ මෘත දේහය ආගමික නගරයක් වන කොම් වෙත රැගෙන ගිය අතර එරට වේලාවෙන් පස්වරු 4.30ට එම නගරයේදී සිදු කෙරෙන ආගමික චාරිත්‍ර ආරම්භ කෙරිණි.අනතුරුව ජනාධිපති රයිසිගේ මෘත දේහය සහ අනතුරින් මියගිය අනෙක් පුද්ගලයන්ගේ මෘත දේහ ගුවනින් ඉරාන අගනුවර වන ටෙහෙරාන් නගරය වෙත රැගෙන යාමට නියමිතය.

ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි අවමංගල්‍ය උත්සවයේ යාඥා මෙහෙයවනු ලබයි.

එළඹෙන බ්‍රහස්පතින්දා දින උදෑසන රයිසිගේ දේහය දකුණු කොරසාන් පළාතේ අගනගරය වන බ්‍රිජාන්ද් වෙත රැගෙන යාමට නියමිත අතර එදිනම සවස් කාලයේදී දේහයන් පිළිබඳ අවසන් කටයුතු ජනාධිපතිවරයා උපන් මෂාද් ශුද්ධ නගරයේදී පැවැත්වීමට නියමිතය .

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කිරීම සඳහා ඉරාන වැසියන් විශාල පිරිසක් එකතු වී සිටිති.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved