ගාසා තීරයේ ඇති කරගෙන ඇති සටන් විරාමය දිනක කාලයකින් තවදුරටත් දීර්ඝ කර ගැනීමට ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අවසන් මොහොතේ එකඟත්වයකට එළැඹ ඇත.
අද දිනයදී නිදහස් කිරීමට නියමිත ප්‍රාණ ඇපකරුවන් ලැයිස්තුවක් හමාස් සංවිධානය විසින් ලබාදීමත් සමග මෙම පියවර ගෙන තිබේ.
ඊයේ දිනයේදී ගාසා තීරයේ සිටි ඊශ්‍රායල ජාතික හා විදෙස් ප්‍රාණ ඇපකරුවන් 16 දෙනෙකු නිදහස් කර තිබුණු අතර, අද අළුයම කාලයේදී ඊශ්‍රායල සිරගෙවල් වල රඳවා සිටි පලස්තීන කාන්තා හා ළමා සිරකරුවන් 30 දෙනෙකු නිදහස් කර ඇති බවද ඒජන්සි වාර්තා වල දැක්වේ.
පසුගිය සතියේ ඇරඹුනු සටන් විරාමය අතරතුරද, සහනාධාර, ආහාර, ඖෂධ හා ඉන්ධන රැගත් කන්ටේනර් ලොරි රැසක් ගාසා තීරයට ඇතුළු වූ බවද එම වාර්තා වල දැක්වේ.