විදෙස්

ණය දුන් ගත් වටමේසයට චීන මුදල් ඇමති – මහ බැංකු අධිපතිත්

Published

on

මෙම මස ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත ණය හිමියන් සහ ණය ලබා ගත් රටවල් කිහිපයක් සහභාගීවන වට මේස සාකච්ඡාවට චීන මුදල් අමාත්‍යවරයා, එරට මහ බැංකු අධිපතිවරයා සහභාගී වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජීවා මහත්මිය සී.බී.එස් නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබේ.

අඩු අදායම්ලාභී රටවලට ණය ගෙවීමේ හැකියාවක් නොමැති නිසා චීනය තම ප්‍රතිපත්තිය වෙනස් කර ගත යුතු බව ජෝර්ජීවා මහත්මිය එහිදී පෙන්වා දී ඇත.

වට මේස සාකච්ඡාව පැවැත්වීමේ අරමුණ වන්නේ සම්ප්‍රදායික ණය හිමියන්, චීනය, සෞදි අරාබිය, ඉන්දියාව වැනි නව ණය හිමියන් සහ පුද්ගලික අංශය ණය ලබාගත් රටවල් සමඟ එක මේසයකට ගෙන ඒම බව ජෝර්ජීවා මහත්මිය සඳහන් කර තිබේ.

Trending

Exit mobile version