Connect with us

විදෙස්

යුක්‍රේන හමුදා ප්‍රධානියාව ධුරයෙන් ඉවත් කරයි

Published

on

යුක්‍රේන හමුදා ප්‍රධානී ජනරාල් Valerii Zaluzhnyi ව එම ධුරයෙන් ඉවත් කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

යුක්‍රේන යුද්ධයේ ඇරඹුමේ සිට එරට හමුදා ඛණ්ඩ වලට නායකත්වය දුන් වැලෙරි හා එරට ජනපති Volodymyr Zelensky අතර කලක් පුරා ප්‍රතිවාදි මත පැවතුණි.

ජනාධිපති නියෝගයකින් ඔහු වෙනුවට මෙම ධූරයට ජනරාල් Oleksandr Syrskyi පත් කර තිබේ.

මෙය 2022දී යුක්‍රේන යුද්ධය ඇරඹීමෙන් පසුව එරට හමුදාව තුළ මෙතෙක් සිදුකළ විශාලතම වෙනස ලෙස සැලකේ.

යුක්‍රේනයේ ජාතික වීරයෙකු හා සමානව සැලකෙන ජනරාල් වැලෙරි ගේ ජනප්‍රියත්වය පසුගිය කාලය පුරාවට ඉහළ ගොස් තිබුණු අතර, ඔහු ය්‍රක්‍රේන ජනපතිවරයාටද වඩා ජනප්‍රිය බවට මෑතකාලීන මතවිමසුම් වලින් හෙළි වී තිබේ.

විදෙස්

ට්‍රම්ප්ගෙන් රුසියාවට අනතුරු ඇඟවීමක්

Published

on

By

යුක්රේනයට එරෙහි යුද්ධය අවසන් කිරීමේ ගිවිසුම් සම්බන්ධ සාකච්ඡා ප්‍රතික්ෂේප කළහොත් රුසියාවට එරෙහි සම්බාධක දැඩි කරන බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඔහු පැවසුවේ, රුසියානු ජනාධිපති ව්ලැඩිමියර් පුටින් යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් ගිවිසුමකට එළැඹිය යුතු බවයි.

යුද්ධය අවසන් කිරීමට සාම ගිවිසුමක් අවශ්‍ය බව යුක්රේන ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි තමාට දැන්වූ බව ජනපති ට්‍රම්ප් පැවසීය.

ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර සඳහන් කළේ, තමන් ජනපති වූ වහාම රුසියා – යුක්රේන යුද්ධය අවසන් කරන බවයි.

Continue Reading

විදෙස්

ඉන්දියාවේ වෛද්‍යවරිය ඝාතනය කළ සැකකරුට ජීවිතාන්තය දක්වා සිරදඩුවම්

Published

on

By

ඉන්දියාවේ කොල්කටා රෝහලක වෛද්‍යවරියක් දූෂණය කර ඝාතනය කිරිමේ සිද්ධියට වරදකරු වූ සංජය රෝයි නැමැත්තාට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය වසරේ අගෝස්තු මාසයේ දී කොල්කටා රෝහලේ පුහුණු වන වෛද්‍යවරියක් දූෂණය කර ඝාතනය කිරීමේ වරදට අත්අඩංගුවට ගත් සැකකරු වරදකරු බව අධිකරණය පසුගියදා තීරණය කර බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඊට අදාළ දඬුවම මෙලෙස නිවේදනය කර ඇත.

පසුගිය අගෝස්තු මාසයේ සිට සිද්ධියට විරෝධය පළ කරමින් ඉන්දියාව පුරා විරෝධතා පැවැත්වුණු අතර එය මහත් ආන්දෝලනයට තුඩු දුන්නකි.

කෙසේ වුවද අදාළ රෝහලේ ස්වෙච්ඡා සේවකයෙකු ලෙස කටයුතු කළ සංජය රෝයි නමැත්තා සිද්ධියට තමා වරදකරු නොවන බව අධිකරණය ඉදිරියේ පවසා තිබෙන බව එරට මාධ්‍ය සඳහන් කරයි.

Continue Reading

විදෙස්

ට්‍රම්ප් ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්කරගනියි

Published

on

By

ඇමරිකා එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කිරීමේ නියෝගයට ඇමරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගෝලීය සෞඛ්‍ය සංවිධානය කොවිඩ් වසංගතය සහ අනෙකුත් ජාත්‍යන්තර අර්බුද වැරදි ලෙස හසුරවා ඇති බව ජනාධිපතිවරයා එම නියෝගය මඟින් පෙන්වා දී ඇති බවය.

ඒ අනුව එක්සත් ජනපදය මාස 12කින් එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්වීමට නියමිතය.

එමෙන්ම එහි කටයුතු සඳහා වන ඇමරිකාවේ සියලුම මූල්‍ය දායකත්වයන්ද නවතා දැමෙනු ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශාලතම මූල්‍ය ආධාරකරුවා වන එක්සත් ජනපදය එහි සමස්ත අරමුදල්වලින් 18%ක් දරන බව වාර්තා වේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved