යුක්‍රේන හමුදා ප්‍රධානී ජනරාල් Valerii Zaluzhnyi ව එම ධුරයෙන් ඉවත් කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
යුක්‍රේන යුද්ධයේ ඇරඹුමේ සිට එරට හමුදා ඛණ්ඩ වලට නායකත්වය දුන් වැලෙරි හා එරට ජනපති Volodymyr Zelensky අතර කලක් පුරා ප්‍රතිවාදි මත පැවතුණි.
ජනාධිපති නියෝගයකින් ඔහු වෙනුවට මෙම ධූරයට ජනරාල් Oleksandr Syrskyi පත් කර තිබේ.
මෙය 2022දී යුක්‍රේන යුද්ධය ඇරඹීමෙන් පසුව එරට හමුදාව තුළ මෙතෙක් සිදුකළ විශාලතම වෙනස ලෙස සැලකේ.
යුක්‍රේනයේ ජාතික වීරයෙකු හා සමානව සැලකෙන ජනරාල් වැලෙරි ගේ ජනප්‍රියත්වය පසුගිය කාලය පුරාවට ඉහළ ගොස් තිබුණු අතර, ඔහු ය්‍රක්‍රේන ජනපතිවරයාටද වඩා ජනප්‍රිය බවට මෑතකාලීන මතවිමසුම් වලින් හෙළි වී තිබේ.